covid ops

සීතාවකපුර කොට්ඨාසයේ ගලපිටමඩ නව පොලිස් ස්ථානය විවෘත කෙරේ

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පයට අනුව ඉදි කරන ලද සීතාවකපුර කොට්ඨාසයේ ගලපිටමඩ නව පොලිස් ස්ථානය 2021 නොවැම්බර් 14 වන දින පෙරවරුවේ යෙදුණ සුභ මොහොතින් විවෘත කෙරිණ.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් වතු ආශ්‍රිත බෝග වගා සහ කර්මාන්තාශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමා සහභාගි වූ අතර සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී මහින්ද ගුණරත්න මහතා සහ සීතාවකපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සමරපාල මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්ද මේ සඳහා සහභාගි වූහ.

ගලපිටමඩ පොලිස් වසමට ග්‍රාමසේවා වසම් 15 ක් අයත් වන අතර මෙම පොලිස් ස්ථානය ඉදිකිරීමට පෙර එම ග්‍රාමසේවා වසම් වල පදිංචි 21500 කට අධික ජනතාවක් ඔවුන්ගේ පොලිස් ස්ථානය මඟින් සපුරා ගත යුතු අවශ්‍යතාවයන් සපුරා ගනු ලැබුවේ දැදිගම, වරකාපොල සහ රුවන්වැල්ල යන පොලිස් ස්ථානයන් මඟිනි. මින් ඉදිරියට එම ජනතාවට කඩිනමින් තම අවශ්‍යතාවයන් මෙම නව පොලිස් ස්ථානය මඟින් සපුරා ගැනීමට හැකිවනවා මෙන්ම අපරාධ පිළිබඳ බියකින් තොරව තමන්ගේ දෛනික කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව උදාවේ

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444