covid ops

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශ නිලධරයන්ට දැනුවත් කිරීමේ වැඩසටහනක්

 

ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යංශය විසින් කාන්තා පිහිට ආයතනයේද සහාය ඇතිව 2021 නොවැම්බර් 17 වන දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන අපරාධ විමර්ශනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දිවයිනේ සියළුම පොලිස් කොට්ඨාස වල ළමා හා කාන්තා කාර්යංශ ස්ථානාධිපතිවරියන් සඳහා පවත්වන ලදී.

ළමයින්ට හා කාන්තාවන්ට ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් ගොඩ නැගීම මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය වූ අතර මෙම වැඩසටහන මඟින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ස්ත්‍රී  පුරුෂ සමාජභාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය, සයිබර් හිංසනය පිළිබඳ පැමිණිලි, ළමුන් හා කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම්, කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන අපරාධ විමර්ශනය පිළිබඳව නිලධරයන් දැනුවත් කරන ලදී.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා, ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය, එම අංශය භාර අධ්‍යක්ෂිකා කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය හා කාන්තා පිහිට ආයතනයේ නීති අංශයේ නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444