covid ops

කැබිතිගොල්ලෑව නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය අභිනවයෙන් විවෘත කෙරේ..

අනුරාධපුර දිසාවේ කැබිතිගොල්ලෑව නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය අභිනවයෙන් විවෘත කිරීම උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 දෙසැම්බර් 13 වන දින පෙරවරුවේ යෙදුණ සුභ මොහොතින් විවෘත කරන ලදී.

කැබිතිගොල්ලෑව නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලීය ගොඩනැගිල්ල කුලී පදනම මත ලබාගත් පැරණි ප්‍රාදේශිය සභාවට අයත් ගොඩනැගිල්ලකි. මෙම පොලිස් කොට්ඨාසය ආරම්භ කිරීමට ප්‍රථම අනුරාධපුර දිසාවේ අනුරාධපුර පොලිස් කොට්ඨාසයට පොලිස් ස්ථාන 37 ක් අනුයුක්තව තිබූ අතර ඒ අතුරින් කැබිතිගොල්ලෑව, මැදවච්චිය, පදවිය, හොරොව්පොතාන, කහටගස්දිගිලිය, ගලෙන්බිදුණුවැව, තත්තිරිමලය, වාහල්කඩ, පිහිඹියගොල්ලෑව, කපුගොල්ලෑව, කොකාවැව හා දිවුල්වැව යන පොලිස් ස්ථාන 12 මින් පසු පාලනය වනු ලබන්නේ මෙම නව පොලිස් කොට්ඨාසය මඟිනි.

රටේ පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව මෙම උත්සවය පැවැති අතර මෙම උත්සව අවස්ථාවට කැබිතිගොල්ලෑව ගරු දිසා හා මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු එච්.කේ. මලින්ද හර්ෂන ද අල්විස්, උතුරුමැද දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එල්. ගීගනගේ, කැබිතිගොල්ලෑව නව පොලිස් කොට්ඨාසයේ නව කොට්ඨාස භාර නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.යූ.කේ. ලොකුහෙට්ටි යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444