covid ops

සිවලාකුළම නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීම

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පයට සමගාමීව ඉදිකරන ලද කැබිතිගොල්ලෑව පොලිස් කොට්ඨාසයේ සිවලාකුළම නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත්කිරීම උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 දෙසැම්බර් 22  වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදුකරන ලදී.

රටේ පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව මෙම උත්සවය පැවැත්විණි. සිවලාකුළම නව පොලිස් ස්ථානයට ග්‍රාමසේවා වසම් 09 ක් අයත් වන අතර, මෙම පොලිස් ස්ථානය ආරම්භ කිරීමට ප්‍රථම එම සියලුම ග්‍රාමසේවා වසම් ගලෙන්බිදුණුවැව හා තිරප්පනය යන පොලිස් ස්ථානයන්ට අයත්ව තිබුණි. මෙම නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත්වීම තුළින් පොලිස් වසමේ පදිංචි 5510 කට අධික මහජනතාවකට ශ්‍රී  ලංකා පොලිසිය මඟින් ලබාදෙන සේවාවන් වඩා කාර්යක්ෂම හා ඵලදායී ලෙස ලබාගැනීමට මෙන්ම අපරාධ පිළිබඳ බියකින් තොරව තම දෛනික කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව උදාවේ.

නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට උතුරුමැද දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ.එන්. ලක්සිරි විජේසේන, කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙටිටි, සහකාර පොලිස් අධිකාරි රුවන් නාරවිටගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444