covid ops

හලාවත කොට්ඨාසයේ උදාසිරිගම නව පොලිස් ස්ථානය විවෘත කෙරේ.

අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයට අනුව ඉදිකරන ලද හලාවත කොට්ඨාසයේ උදාසිරිගම නව පොලිස් ස්ථානය 2021 දෙසැම්බර් 23 වන දින පෙරවරුවේ යෙදුණ සුභ මොහොතින් විවෘත කෙරිණි.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා සහභාගි වූ අතර පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ, වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි වසන්ත ජයමිණි කුමාර යන මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.

රටේ පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව මෙම උත්සවය පැවැත්විණි. උදාසිරිගම නව පොලිස් වසමට ග්‍රාමසේවා වසම් 11 ක් අයත් වන අතර මෙම පොලිස් ස්ථානය ඉදිකිරීමට පෙර එම ග්‍රාමසේවා වසම් වල පදිංචි 24200 කට අධික ජනතාවක් වෙන්නප්පුව පොලිස් ස්ථානය මඟින් තම සේවා අවශ්‍යතා සපුරා ගනු ලැබීය. මින් ඉදිරියට එම ජනතාවට කඩිනමින් තම සේවා අවශ්‍යතාවයන් මෙම නව පොලිස් ස්ථානය මඟින් සපුරා ගැනීමට හැකි වන අතර අපරාධ පිළිබඳ බියකින් තොරව තමන්ගේ දෛනික කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව උදාවේ

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444