2020.12.31 වන දින පොලොන්නරුව ගල්ලෑල්ල විද්‍යාපීඨයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට පලා ගිය මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 05 දෙනෙකුගෙන් එක් අයකු සොයා ගන්නා ලද අතර අනෙක් රෝගීන් සොයා ගැනීම සඳහා මේ වන විට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
මඩොල්සිම පොලිස් වසමේ අමුණුවත්තේ ගෙදර, බකිණිලන්ද, මැටිගහතැන්න ලිපිනයේ නිවසක කුඩා දැරියක් අනාරක්ෂිතව සිටින බවට 2020 දෙසැම්බර් 17 වන දින මඩොල්සිම පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කරන ලදී.
ඔස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ Australian Aid සංවිධානය විසින් ශ්‍රී ලංකා පොලිස් රෝහලට වෛද්‍ය උපකරණ ප්රදානය කිරීමේ උත්සවයක් 2020 දෙසැම්බර් 16 වන දින උදෑසන 0830 ට නාරාහේන්පිට පොලිස් රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි රොබට් විල්සන් (Robert Wilson) මහතා විසින් අපරාධ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍යනාශක, ළමා හා කාන්තා කාර්යංශය සහ මැතිවරණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ලලිත් පතිනායක මහතා වෙත මෙම වෛද්‍ය උපකරණ ප්‍රධානය කරන ලදී.