covid ops

විදෙස් රටවල රැකියා ලබා දෙන බව පවසා සිදු කරනු ලබන මහා පරිමාණ මුදල් වංචාවක් අනාවරණය කර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත්වී ඇත. ඒ සම්බන්ධයෙන් පොලිස් තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා විසින් 2020.08.31 දින පොලිස් මූලස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව.

8Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne met with the Acting Inspector General of Police Mr. C.D Wickramaratne at the Police Headquarters on 26th August 2020.

012020.08.26 වන දින දහවල් 12.20 ට පමණ තඹුත්තේගම පොලිස් වසමේ රාජාංගනය ජලාශයට පැන තරුණියක් සිය දිවි හානි කර ගැනීමට තැත් කර ඇත. එම අවස්ථාවේදී ජීවිතාරක්ෂක රාජකාරී යෙදී සිටි තඹුත්තේගම පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන් 20096 උදාර, පොලිස් කොස්තාපල් 79742 අරුණ සහ පොලිස් කොස්තාපල් 79959 සමීර යන නිලධාරීන් විසින් වහාම ක්‍රියාත්මක වී එම තරුණිය බේරාගෙන ප්‍රතිකාර සඳහා තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇත.

1කඩවත ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2020.08.25 වන දින උදෑසන 06.30 ට පමණ පන්නල පොලිස් වසමේ ලිහිරියාගම ප්‍රදේශයේ නිවසක ගෙවත්තක වලදමා තිබියදි විදේශ රටක නිෂ්පාදිත තුවක්කුවක්, බෝර 12 පතරොම් 45 ක්, 9 mm පතරොම් 44 ක්, පාවිච්චි කරන ලද බෝර 12 හිස් පතරොම් කොපු 639 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන පන්නල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

03පස්සර පොලිස් ස්ථානයේ රාජකාරි නියුතු නිලධාරීන් මෙන්ම පොලිස් ස්ථානයට පැමිණෙන මහජනතාවගේ පාණීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා ස්ථානාධිපති පස්සර ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පාලිත සෙනවිරත්න නිලධාරියා විසින් කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහය ඇතිව රුපියල් 285000/= ක වටිනාකමකින් යුත් ජලනල පද්ධතියක් අතුරා පානීය ජලය ලබා ගැනීමට කටයුතු කර ඇත.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444