covi 1ops roommedia

012020.09.10 වන දින රාත්‍රී 7.30 ට පමණ වැලිපැන්න පොලිස් වසමේ බොන්දුපිටිය හන්දිය අසලදී හොරණ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 22 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වැලිපැන්න පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

012020.09.10 වන දින සවස 3.10 ට පමණ ඇහැලියගොඩ පොලිස් වසමේ පරකඩුව ප්‍රදේශයේදි පූගොඩ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත පිස්තෝලයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇහැලියගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

012020.09.10 වන දින දහවල් 2.00 ට පමණ කොස්ලන්ද පොලිස් වසමේ උස්වැටිය ප්‍රදේශයේදි උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර අක්කර ¼ ක පමණ වගා කර තිබූ ගංජා හේනක් වැටලීමක් සිදුකර වගා කර තිබූ ගංජා ගස් 3000 ක් පමණ කොස්ලන්ද පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, අධිකරණ නියෝග මත ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය. කොස්ලන්ද පොලීසිය විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

1කරදියනාරු පොලිස් වසමේ පිල්ලුමලේ ප්‍රදේශයේදි වව්නතිවු පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවකු 2020.09.09 වන දින අත්අඩංගුවට ගෙන කරදියනාරු පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අවශ්‍ය කරනු ලබන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පැතීම.2019 වසරේ රුපියල් ලක්ෂ 65 ක මුදල් වංචාවක් සම්බන්ධව අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිලි 03 ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලදී. ඒ අනුව මෙම වංචාවට අවශ්‍ය කරන සැකකරු ප්‍රදේශය මඟහරිමින් සිටින අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ සහය පතයි.

1කලවාන පොලිස් වසමේ පහරකෑමට ලක් වූ කුඩා සුනඛයෙකු ඉතා අපහසුතාවයෙන් කෑ ගසමින් සිටින වීඩියෝවක් පසුගිය දිනක සමාජ ජාලවල සංසරණය විය. එම සිද්ධිය පිළිබඳව කලවාන පොලිස් ස්ථානය මඟින් නිසි විමර්ශනයක් සිදුකර නොමැති බවට චෝදනා එල්ල වෙමින් පැවතිණි. මෙම තත්ත්වය පිලිබඳව ශ්‍රී ලංකා පොලිසියේ නීති කොට්ඨාසය දැනගත් සැනින් කලවාන පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපති වෙත නිසියාකාරව විමර්ශන කටයුතු සිදුකිරීමට උපදෙස් ලබා දෙන ලදී.

1මෝදර පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ දින (2020.09.07) සවස 05.15 ට පමණ මෝදර පොලිස් වසමේ නාගලගම වීදියේදී නීති විරෝධී ලෙස බලපත්‍ර රහිතව මත් පෙති 18,900 ක් අඩංගු පෙට්ටි 189 ක් කුඩා ලොරි රථයකින් රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු මෝදර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.