covi 1ops roommedia

curfew pass 1

ඉතිහාසයේ දෙවන විශාලතම හෙරොයින් තොගය පොලිස් අත්අඩංගුවට.පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් සති කිහිපයක සිට සිදුකරන ලද සාර්ථක විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස 2018.12.05 වන දින රාත්‍රි බේරුවල සහ බලපිටිය අතර මුහුදු තීරයේ නාවික සැතපුම් 03ක් පමණ දුරින්, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් පොලිස් විශේෂ කාර්‍ය බළකායේ සහය ඇතිව වැටලීමක් සිදුකර හෙරෝයින් කිලෝ 231 ග්‍රෑම් 54ක් බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු එම බෝට්ටුවද සමග අත්අඩංගුවට ගෙන ඇත.

අන්තර්ජාල අපරාධ සම්බන්ධ වීදී නාට්‍යයක් ගම්පහ නගරයේදී.අන්තර්ජාලය භාවිතා කරමින් සිදු කරන අපරාධ සම්බන්ධයෙන් වීදී නාට්‍යයක් රඟ දක්වමින් එම අපරාධ වලින් මිදීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව ගම්පහ නගරයේ ජනතාව සහ උපකාරක පංති සඳහා සහභාගි වූ සිසුන් දැනුවත් කිරීමේ සහ අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් 2018 දෙසැම්බර් 01 වන දින ගම්පහ නගරයේදී පවත්වන ලදී.

පොලිස් දරු පෙර පාසැලේ වාර්ෂික විවිධ ප්‍රසංගය - 2018පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය මඟින් පාලනය වන පොලිස් දරු පෙර පාසැලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2018 දෙසැම්බර් මස 05 වන දින මරදාන ටවර් රඟහලේදී පැවැත්විණි. විවිධ ප්‍රසංගයේ විශේෂ ආරාධිතයා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගි විය.

ප්‍රීමියර් ලීග් පාපන්දු තරඟාවලියේ 01 වන කොටසේ ජය ශ්‍රී ලංකා පොලීසියට.ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කරනු ලැබු ප්‍රීමියර් ලීග් පාපන්දු තරඟාවලියේ (01) වන කොටසේ තරඟය ශ්‍රී ලංකා පොලිස් පාපන්දු කණ්ඩායම හා මහනුවර හයිලයින්ඩ් කණ්ඩායම අතර පසුගිය (2018 දෙසැම්බර් 02) දින මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ඝාතනයට ලක් වු පොලිස් විරුවන් දෙදෙනා දැයෙන් සමුගනී.2018 නොවැම්බර් 30 දින මඩකලපුව කොට්ඨාසයේ වවුනතිවු පොලිස් ස්ථානයට අනුයුක්ත මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටි පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු එම මාර්ග බාධකය අසල ඝාතනය කර තිබියදී සොයා ගැනිමට හැකිවිය.

යුද්ධ හමුදා සංඥා බලකායේ 75 වන සංවත්සරය සඳහා පොලිස්පතිතුමන් එක්විය.ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ 75 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරනු ලැබු සයිබර් ආරක්‍ෂණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ සන්නිවේදන හා තොරතුරු තාක්‍ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018 නොවැම්බර් මස 28 වන අද දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවත්විණි.

news

1

1

sports news

special events1


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931