covi 1ops roommedia

curfew pass 1

COVID 19 කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් සිදු කිරීමකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශණයකට අනුව 2020.04.05 වන දින වාද්දුව ප්‍රදේශයේදී කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇ.

03කොරෝනා වසංගත තත්වය දුරලීම සඳහා පොලිස් ස්ථාන පරිශ්‍රයන් සහ පොලිස් මූලස්ථාන පරිශ්‍රය විෂබීජහරණය කිරීමේ වැඩසටහනක් 2020.03.24 වන දින ආරම්භ කරන ලදී. මේ වන විට කොළඹ දිසාවේ කුරුඳුවත්ත, නාරහේන්පිට, B.M.I.C.H, නාගරික රථවාහන කොට්ඨාසය සහ වැල්ලවත්ත යන පොලිස් ස්ථාන විෂබීජහරණය කිරීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා පොලිසිය කොළඹ නගරයේ ප්‍රසිද්ධ ස්ථානයන් විෂබීජහරණය කිරීමට ඉදිරිපත් වෙයි.COVID – 19 නොහොත් නව කොරෝනා රෝග වසංගතය නිවාරණය සඳහා ශ්‍රී ලංකා පොලිසිය දියත් කල වැඩසටහන් රැසක් මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්විම සඳහා පුර්ව ක්‍රියාමාර්ග ගැනීම යටතේ 2020.03.15 වන දින සිට සති දෙකක කාලක් මහජනතාව වෙනුවෙන් පවත්වනු ලබන පොලිස් මහජන සහන දිනය සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් පවත්වනු ලබන සහන දිනයද අවලංගු කිරීමට පොලිස් මූලස්ථානය මඟින් කටයුතු කර ඇත.

Covid 19 හෙවත් නව කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීම, වෛරසය පැතිරයෑම වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රවර්ථන පහසුකම් හා වෛරසය මර්ධනය කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇත.

2020.03.16 වන දින සිට ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ රාජ්‍ය බුද්ධි සේවයට පොලිස් කොස්තාපල් හා කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු සඳහා බදවාගැනීමේ අවසන් සම්මුඛ පරීක්ෂණ නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.