covi 1ops roommedia

කහවත්ත පොලීසියේ සම්බන්ධීකරණයෙන් ප්‍රදේශයේ පවුල් 20 ක් සඳහා නව නිවාස.රත්නපුර කොට්ඨාසයේ කහවත්ත පොලිස් වසමේ පදිංචි, තෝරාගත් අඩු ආදායම් ලාභී පවුල් 20 ක් වෙනුවෙන් ඉදිකරන ලද නව නිවාස ප්‍රදානය කිරීමේ උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 ජනවාරි 19 වන දින කහවත්ත පුරාණ රාජමහා විහාරස්ථානයේදී පවත්වන ලදී.

පොලිස් කොට්ඨාසයන් සඳහා කැබ් රථ 15 ක් බෙදා දෙයි.	පොලිස්පතිතුමාගේ සංකල්පයට අනුව නව මිළදී ගැනීම් යටතේ ලබාගත් කැබ් රථ 15 ක් පොලිස් කොට්ඨාසයන් වෙත බෙදාදීමේ උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 ජනවාරි 17 වන දින පස්වරුවේ පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ 75 වන මූලික පුහුණු පාඨමාලාවේ ආධුනික නිලධාරීන් විසිර යාමේ පෙළපාලිය කටුකුරුන්ද වි.කා.බ පුහුණු පාසැලේදී.	ලංකා ධරණි තලයේ නීතිය හා සාමය සුරකින ශ්‍රී ලංකා පොලිසියට නිරන්තරයෙන් ශක්තියක් වන “නියතයි ජය” යන පාඨය තේමා කර ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ 75 වන මූලික පුහුණු පාඨමාලාව හැදෑරූ ආධුනික නිලධාරීන් 2019 ජනවාරි 16 දින ගරු කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසැලේ පැවති විසිර යාමේ පෙළපාලියේදී මහත් අභිමානයෙන් යුතුව විසිර ගියහ.

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසැල් දරුවන් දැනුවත් කිරීමේ “හෙට දවස” ව්‍යාපෘතිය ඇරඹේ.	“මතින් නිදහස් රටක්” ජාතික වැඩපිළිවෙලට සමගාමීව බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මඟින් සංවිධානය කල ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් දරු දැරියන් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ “හෙට දවස” ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 ජනවාරි 16 දින ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී ආරම්භ විය.

නාවික හමුදාධිපතිතුමන් පොලිස් මූලස්ථානයේ සංචාරයක.නව නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් කේ.කේ.වී.පී.එච් ද සිල්වා මහතා අද (2019 ජනවාරි 14) පොලිස් මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හමුවිය.

පළමු ශ්‍රේණියට ඇතුලත් වන දුවා දරුවන්ට පාසැල් උපකරණ.2019 වර්ෂයේ පළමු ශ්‍රේණියට ඇතුලත් කරනු ලබන ත්‍රිකුණාමලය කොට්ඨාසයේ පොලිස් නිලධාරි / නිලධාරිණියන්ගේ දුවා දරුවන්හට පාසැල් උපකරණ බෙදා දිමේ උත්සවයක් 2019 ජනවාරි 05 දින ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිස් ස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා සහභාගි විය.

ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත පේදුරුතුඩුව පොලිස් වසමේ අම්පන් රෝහල අසලදී සිදු කරන ලද වැටලීමකදී ගංජා කිලෝ 03 ග්‍රෑම් 12 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.