covid ops

1කල්මුණ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2020.09.14 වන දින උදෑසන 11.30 ට පමණ කල්මුණේ පොලිස් වසමේ තුරෛනීලවනී කලපුවේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන ඇත. මෙම අවියේ කොටස් දිරා යෑමට ලක්ව ඇති අතර සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. කල්මුණ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

012020 සැප්තැම්බර් 03 වන දිනට යෙදී තිබූ 154 වන පොලිස් දිනයට සමගාමීව පවත්වන ලද සැමරුම් උත්සවයක් පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් සේරම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නාරහේන්පිට පොලිස් රෝහලේදී පවත්වන ලදී.

12020.09.11 වන දින රාත්‍රී 11.00 ට පමණ පූගොඩ පොලිස් වසමේ තුත්තිරිදෙනිය, ලුණුගම ප්‍රදේශයේදී පූගොඩ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ අවියක් හා කඩුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පූගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

12020.09.11 වන දින රාත්‍රී 7.30 ට පමණ රත්නපුර පොලිස් වසමේ කොස්පැලවින්න ප්‍රදේශයේදී කහවත්ත පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රත්නපුර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

12020.09.11 වන දින උදෑසන 8.00 ට පමණ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මුවදොර උයන අසලදී ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 03 මිලි ග්‍රෑම් 280 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

T56 ගිනි අවි දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරරත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2020.09.11 වන දින සවස 6.50 ට පමණ අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර නව නගරයේ පිහිටි ලැගුම් හලකදී රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

1රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ සංවිධානයෙන්, ශ්‍රී ලංකා පොලිසියේ රාජ්‍ය නිවේදිත නිලධාරින් සමඟ පොලිස් සේවය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් වාරිමාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020.09.11 වන අද දින අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.