ops room

152 වන පොලිස් දින සැමරුමට සමගාමීව ඉස්ලාම් ආගමික වැඩසටහනක්.ශ්‍රී ලංකා පොලිසියේ 152 වන පොලිස් දින සැමරුමට සමගාමීව අද දින (සැප්තැම්බර් 03) පෙරවරුවේ දවටගහවත්ත ජුම්මා මස්ජිත් දේවස්ථානයේදී විශේෂ ඉස්ලාම් ආගමික වැඩසටහන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

152 වන පොලිස් දින සැමරුමට සමගාමීව විශේෂ බෞද්ධාගමික වැඩසටහනක්.	2018 සැප්තැම්බර් 03 වන අද දිනට යෙදි ඇති 152 වන පොලිස් දිනය නිමිත්තෙන් සංවිධානය කල විශේෂ බෞද්ධාගමික වැඩසටහන සහ ආශිර්වාද බෝධි පූජා පිංකම අද පෙරවරුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී.

152 වන පොලිස් දිනය අදයි. වර්ෂ 1866 ක්වූ සැප්තැම්බර් මස 03 වන දින, විධිමත්ව නෛතික රාමුවක් තුල ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පොලිසිය, 152 වන පොලිස් දිනය අද ඉතා අභිමානවත්ව සමරනු ලබයි. අධිරාජ්‍යවාදී යුගයෙන් සංග්‍රාමික යුගයකට පැමිණි ශ්‍රී ලංකා පොලිසිය වර්ථමානයේදී ප්‍රජා පොලිස් යුගයකට අවතීර්ණ වී සිටියි. 34 වන පොලිස්පති වශයෙන් පූජිත් ජයසුන්දර මහතා වර්ථමානයේදී ශ්‍රී ලංකා පොලිසිය මෙහෙයවනු ලබයි.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය පිළිබඳ ලියැවුණු ග්‍රන්ථ 03 ක් දොරට වඩි.ශ්‍රි ලංකාවේ පැරණිතම රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා පොලිසිය, එළඹෙන සැප්තැම්බර් 03 වන දිනට යෙදී ඇති 152 වන පොලිස් දිනය අති උත්කර්ෂවත්ව සැමරිමට කටයුතු සංවිධානය කර ඇත. එයට සමගාමිව ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය පිළිබඳ ලියැවුණු ග්‍රන්ථ 03 ක් එළිදැක්විම 2018 අගොස්තු 30 වන දින පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි සිදුකරන ලදි.

Inspector General of Police participates in 8th Colombo Defence SeminarColombo Defence Seminar – 2018, which is held for the 8th time with the participation of many global experts at the invitation of Sri Lanka Army, commenced yesterday (30th August, 2018) at Bandaranaike Memorial International Conference Hall, under the leadership of Hon. Prime Minister, Mr. Ranil Wickremesinghe.

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට” පොලිසියේ දායකත්වය.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කල “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ජාතික ප්‍රදර්ශනය ඊයේ (2018 අගෝස්තු 29) දින ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගලදී විවෘත කරන ලදී.

news

1

1

sports news

special events1


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931