covid ops

රත්නපුර පොලීසියෙන් ලේ දන් දීමේ පින්කමක්රත්නපුර පොලිස් ස්ථානයේ නිලධාරීන්, 181 ඒ, කොළඳගල ප්‍රජා පොලිස් කමිටු සමාජිකයින් සහ ප්‍රදේශවාසීන් එක්ව සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 ජූලී 23 වන දින මුවන්තැන්න ශ්‍රී සුමේධලංකාර විහාස්ථානයේදී පවත්වන ලදී. එහිදී ලේ දන් දුන් පරිත්‍යාගශිලීන් සඳහා වටිනා සහතිකපත් හා ත්‍යාග පිරිනැමීමට කටයුතු කරන ලදී.

විශිෂ්ඨ දක්ෂතා දැක් වූ කෑගල්ල පොලිස් නිලධරයන්ගේ සේවය ඇගයේ. අව් වැසි නොබලා දිවා රෑ නොතකා දවසේ පැය 24 පුරාම මහජනයාගේ ජීවිත හා දේපල ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වූ කෑගල්ල කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ විශිෂ්ඨ සේවය ඇගැයීමේ උත්සවයක් කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (19) දින පින්නවල එලිෆන්ට්බේ උත්සව ශාලාවේදී පවත්වන ලදී.

වව්නියාව පොලිස් සංකීර්ණ භූමිය තුල ඉදිකරන ලද ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගණය විවෘත කෙරේ.වව්නියාව පොලිස් සංකීර්ණ භූමිය තුල ඉදි කරන ලද ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩා පිටිය සහ බහු කාර්ය ගොඩනැඟිල්ල විවෘත කිරීම උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා විසින් 2019 ජුලි 18 දින සිදු කරන ලදී.

පරයනාලන්කුලම් පොලීසිය විසින් කේරළ ගංජා කිලෝ 203 ග්‍රෑම් 265 ක් සමඟින් සැකකරුවෙකු අත්අඩංගුවට2019.07.20 වන දින අළුයම 3.00 ට පමණ පරයනාලන්කුලම් පොලිස් වසමේ මන්නාරම මැදවච්චිය මාර්ගයේ ආඬියාපුලියන්කුලම ප්‍රදේශයේදී ලොරි රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ලොරි රථය සමඟ පරයනාලන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 203 ග්‍රෑම් 265 ක් සොයාගෙන ඇත. (මෙහි වටිනාකම රුපියල් මිලියන 20 කට අධික වේ)

කණිෂ්ඨ රථවාහන කළමනාකරණ පාඨමාලව හැදෑරු පොලිස් නිලධාරීන්ට සහතිකපත්‍ර හා ලාංඡන පිරිනැමේ.කණිෂ්ඨ නිලධාරීන්ගේ රථවාහන කළමනාකරණ පාඨමාලා හැදෑරූ 33 වන හා 34 වන කණ්ඩායම් විසිරයාමේ උත්සවයක් බස්නාහිර පළාත් හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 ජුලි 18 වන දින පෙරවරු 9.30 ට අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

කැලණිය කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සඳහා ත්‍යාග මුදල් ප්‍රධානය කෙරේවිශිෂ්ට ලෙස රාජකාරි සිඳු කරනු ලැබූ කැලණිය කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සඳහා ත්‍යාග මුදල් ප්‍රධානය කිරීමේ උත්සවයක් බස්නාහිර පලාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (2019 ජුලි 10) කිරිබත්ගොඩ “රෝයල් පාර්ක්” උත්සව ශාලාවේදී පැවැත්විණි.

පොලිස් හා යුද්ධ හමුදා නිලධාරීන් සඳහා නීතිය ක්‍රීයාත්මක කිරීම පිළිබඳව දැනුවත් කිරී‍මේ වැඩමුළුවක්.ශ්‍රී ලංකා පොලීසිය හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කරන ලද නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පොලිස් නිලධාරීන් හා යුද්ධ හමුදා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2019 ජුලි 13 හා 14 යන දිනයන්හිදි කිලිනොච්චිය ඉරණමඩු නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

බස්නාහිර පළාත දකුණ දිසාවේ නව රථවාහන සහ අපරාධ කොට්ඨාසය විවෘත කෙරේ.බස්නාහිර පළාත දකුණ දිසාවේ නව අපරාධ කොට්ඨාසය හා නව රථවාහන කොට්ඨාසය විවෘත කිරීමේ උත්සවය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2019.07.12 වන දින මිරිහාන මූලස්ථාන පොලිස් ස්ථාන පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවත්විණි.

2019 පොලිස් ශිෂ්‍යභට ඇඟයීම් කඳවුරේ පස්වන අදියර සාර්ථකව නිමා වේ.වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි පුහුණු, බදවාගැනීම්, මානව සම්පත් කළමණාකරන සහ ජාත්‍යන්තර සබඳතා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ පොලිස් ශිෂ්‍යභට බාලකයින් 505 දෙනෙකු සහභාගි වු 2019 පොලිස් ශිෂ්‍යභට ඇඟයීම් කඳවුරේ පස්වන අදියරේ විසිරයාමේ උත්සවය, කලුතර පොලිස් විද්‍යාලයේ දි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444