covi 1ops roommedia

වැලිවේරිය පොලිසිය විසින් ඇඹරලුව මහා විද්‍යාලයට සත්කාරයක්.ශ්‍රී ලංකා පොලිසිය සහ මහජනතාව අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් ගම්පහ කොට්ඨාසයේ වැලිවේරිය පොලිස් වසමේ අඩු පහසුකම් සහිත පාසලක් වන ඇඹරලුව මහා විද්‍යාලය සඳහා ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ මැදිහත්වීමෙන් නවතම වැසිකිලි දෙකක් සහ වැලිවේරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අතපත්තු මහතාගේ මැදිහත්වීමෙන් එක් වැසිකිලියක් නවීකරනයක් කර එය ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමන් විසින් 2018.12.13 වන දින පාසල් ළමුන් වෙත භාර දීම සිදුකරන ලදී.

Signing an MOU between Vietnamese People’s Police Academy and National Police Academy of Sri Lanka.Signed the MOU between Vietnamese People’s Police Academy Senior Colonel. Assoc. Prof. Dr.Pham Cong NGUYEN and the Deputy Inspector General of Police / Training, Recruitment, Human Resource Management and International Relations, Chief Executive officer of National Police Academy, Mr. Sanjeewa Dharmaratna on 12th December 2018 at the IG’s Conference Hall, Police Headquarters, Colombo.

අස්ථානගත වූ හෝ සොරකම් කරන ලද ජංගම දුරකථන සොයා ගැනීමේ පරිගණක වැඩසටහනක් ස්ථාපිත කෙරේ.ශ්‍රී ලංකා පොලීසියේ දැක්ම යථාර්ථයක් කර ගැනීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අත්වැල් බැඳගනිමින් මහජනතාවට කඩිනම් සුහදශීලී සේවාවක් සැපයීම සඳහා අස්ථානගත වූ හෝ සොරකම් කරන ලද ජංගම දුරකථන සොයා ගැනීමේ මාර්ග ගත පරිගණක වැඩසටහන (Sri Lanka Police iNeed Service) ස්ථාපිත කිරීමේ උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මහජන පැමිණිලි) මේනකා පතිරණ මහත්මියගේ සහ දුරකථන සමාගම් වල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් 2018.12.11 වන අද දින පෙරවරු 09.00 ට පොලිස් මූලස්ථානයේ පොලිස්පති සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

2018 ජාතික මල්ලවපොර තරඟාවලියෙන් පොලීසියට ජයග්‍රහණ රැසක්.ශ්‍රී ලංකා මල්ලවපොර සංගමය විසින් 78 වන වරට සංවිධානය කරනු ලැබූ 2018 ජාතික මල්ලවපොර ශූරතා තරඟාවලිය 2018 දෙසැම්බර් මස 01 දින සිට 04 දින දක්වා මීගමුව කඩොල්කැලේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්මරණ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

Tiny Tots පෙර පාසැල් දෙකෙහි 2018 වාර්ෂික විවිධ ප්‍රසංගය.පොලිස් පවුල් සුභසාධක සංගමය මඟින් පාලනය වන මරදාන හා පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයෙහි පිහිටි Tiny Tots පෙර පාසැල් දෙකෙහි 2018 වාර්ෂික විවිධ ප්‍රසංගය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ හා පොලිස් පවුල් සුභසාධක සංගමයේ හා පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපතිනි පුන්‍යා ශාන්ති ජයසුන්දර මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2018 දෙසැම්බර් මස 06 වන දින පස්වරුවේ කොළඹ 07 නව නගර ශාලාවේදී පැවැත්විණි.

2018 සෙපක්ට්‍රැක්රෝ ජාතික ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පොලිසියට ජයග්‍රහණ රැසක්.ශ්‍රී ලංකා සෙපක්ට්‍රැක්රෝ සංගමය විසින් 14 වන වරට පවත්වනු ලැබූ 2018 සෙපක්ට්‍රැක්රෝ ජාතික ශූරතාවලිය පසුගියදා (2018 නොවැම්බර් 24 සහ 25) වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණ අතර ඒ සඳහා පොලිස් සෙපක්ට්‍රැක්රෝ කණ්ඩායම ඇතුළුව කණ්ඩායම් 22 ක් නියෝජනය කරමින් ක්‍රීඩක / ක්‍රීඩිකාවන් 150 දෙනෙකු පමණ සහභාගි විය.

ඉතිහාසයේ දෙවන විශාලතම හෙරොයින් තොගය පොලිස් අත්අඩංගුවට.පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් සති කිහිපයක සිට සිදුකරන ලද සාර්ථක විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස 2018.12.05 වන දින රාත්‍රි බේරුවල සහ බලපිටිය අතර මුහුදු තීරයේ නාවික සැතපුම් 03ක් පමණ දුරින්, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් පොලිස් විශේෂ කාර්‍ය බළකායේ සහය ඇතිව වැටලීමක් සිදුකර හෙරෝයින් කිලෝ 231 ග්‍රෑම් 54ක් බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු එම බෝට්ටුවද සමග අත්අඩංගුවට ගෙන ඇත.