covid ops

මත්ද්‍රව්‍ය දුර් භාවිතය හා නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමිව වීරගුල පොලිස් වසමේ අත් පන්දු හා ක්‍රිකට් තරඟාවලියක්2019 ජුනි මස 26 වන දිනට යෙදී තිබු මත්ද්‍රව්‍ය දුර් භාවිතය හා නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමිව 2019.06.09 වන දින සිට 2019.07.08 දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා පොලිසිය මඟින් දීප ව්‍යාප්තව මත් ද්‍රව්‍ය මැඩලීමේ හා මත් ද්‍රව්‍ය නිවාරණය කිරීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

රජයේ ගැසට් නිවේදන අංක 2129 ( 2019.06.21 ) අනුව ශ්‍රී ලංකා පොලිසිය සඳහා උප පොලිස් පරික්ෂක හෙද නිලධාරින් හා කාන්තා උප පොලිස් පරික්ෂක හෙද නිලධාරි තනතුර සඳහා අයදුම්පත් කැඳවන අතර අයදුම්පත් භාර ගැනීම 2019.08.22 වන දින අවසන් වීමට නියමිතව ඇත.

ගල්කිස්ස කොට්ඨාසයේ මාර්ගස්ථ කමිටු රැස්වීමක්.ගල්කිස්ස කොට්ඨාසයේ මාර්ගස්ථ කමිටු රැස්වීම ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 ජුනි 28 වන දින පවත්වන ලදී.

මහජන චීන සමූහාණ්ඩුවේ තනාපති කාර්යාලයෙන් ශ්‍රී ලංකා පොලීසියට ලැප්ටොප් පරිගණක හා ටැබ් යන්ත්‍ර පරිත්‍යාග කෙරේ.ශ්‍රී ලංකා පොලීසිය, මහජන චීන තානාපති කාර්යාලය සමඟ අභ්‍යන්තර සහායක සම්බන්ධතාවක ප්‍රතිපලයක් ලෙස වැඩබලන පොලිස්පතිතුමාගේ ඉල්ලීම පරිදි මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය මඟින් ශ්‍රී ලංකා පොලීසියට ලැප්ටොප් පරිගණක හා ටැබ් යන්ත්‍ර පරිත්‍යාග කිරීමේ උත්සවයක් 2019 ජුලී 01 වන දින පොලිස් මූලස්ථානයේදී සිදු කරන ලදි.

1නෙල්ලිඅඩි පොලිස් වසමේ තිල්ලියන් පාලම් ප්‍රදේශයේදී 2019.06.29 වන දින යාපනය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුනු තොරතුරක් මත වැටලීමක් සිදුකර සැකකරුවෙකු නොමැති කේරල ගංජා කිලෝ 193 ග්‍රෑම් 600 අත්අඩංගුවට ගෙන නෙල්ලිඅඩි පොලිස් ස්ථානයට ඉදිරිපත්කර ඇත. නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

ජේ.ආර්.ජයවර්ධන අනුස්මරණ අභියෝගතා කුසලානය පොලිස් විශේෂ කාර්ය බලකාය දිනා ගනී.ජේ.ආර් ජයවර්ධන පොලිස් අන්තර් කොට්ඨාස ක්‍රිකට් තරඟාවලිය කොට්ඨාස 47 ක සහභාගීත්වයෙන් පැවැත්විණි. පොලිස් විශේෂ කාර්ය බලකා කොට්ඨාස කණ්ඩායම හා තංගල්ල කොට්ඨාස කණ්ඩායම අවසන් මහා තරඟයට තේරී පත් විය.

ත්‍රස්තවාදි සැකකරුවෙකු වන මිල්හාන්ගෙන් ඩෙටනේටර් ඇතුළු උපකරණ රැසක් සොයා ගනී. අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී කණ්ඩායමේ සැකකරුවෙකු වන පසුගිය දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ජෙඩා සිට මෙරටට රැගෙන පැමිණි හයාදු මොහොම්මදු අහමඩ් මිල්හාන් නැමති සැකකරු ඇතුළු පිරිස තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදු වේ.

ඕපාතට නව පොලිස් මුරපොළක්.ගාල්ල කොට්ඨාසයේ හිනිඳුම පොලිස් ස්ථානයට අනුබද්ධව ස්ථාපිත කරන ලද ඕපාත පොලිස් මුරපොල විවෘත කිරීම ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 ජුනි 21 වන දින සිදු කරන ලදී.

 “මතින් තොර හෙටක්” දැනුවත් කිරීමේ වැඩමුළුව දොම්පේ සහ පූගොඩ පාසල් මූලික කරගනිමින් “පිපෙන්නට වෙර දරන මල් කැකුළු වන්” පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වලක්වා ගැනීම අරමුණු කර ගනිමින් පවත් වන ලද “මතින් තොර හෙටක්” දැනුවත් කිරීමේ වැඩමුළුව 2019 ජුනි 18 දින දොම්පේ පොලිස් වසමේ පිහිටි දෙකටන පත්මාවතී විද්‍යාලය සහ පූගොඩ පොලිස් වසමේ පිහිටි ඕවිටිගම බෝධිරාජ මහා විද්‍යාලය මූලික කර ගනිමින් පවත්වන ලදී.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444