covid ops

ගිරිතලේ වැවේ ගිලුණු පිරිසක් පොලිස් ජීවිතාරක්‍ෂක නිලධාරීන් විසින් බේරා ගැනේ.පොසොන් සමය වන්දනාමාන කිරීමට පැමිණි බැතිමතුන් 06 දෙනෙකු 2019 ජුනි 15 වන දින පැය 1340 ට පමණ ගිරිතලේ වැවේ වාරිමාර්ග නිල නිවාසය අසළ දිය නාන තොටුපලේ දියේ ගිලෙමින් සිටියදී, පොලිස් ජීවිතාරක්‍ෂක නිලධාරීන් ක්‍ෂණිකව ක්‍රියාත්මක වී තම ජීවිත අවධානමද නොතකා එම පුද්ගලයින් 06 දෙනාගේ ජීවිත බේරාගැනීමට කටයුතු කරන ලදි.

රත්නපුර පොලීසියෙන් සමාජ සත්කාරයක්.පොසොන් පෝය නිමිත්තෙන් රත්නපුර මූලස්ථාන පොලීසියේ සංවිධානයෙන් රත්නපුර තිරිවානකැටිය සෙනෙවිරත්න වනසුන්දර සරණ සෙවන පදනම මඟින් පාලනය කරනු ලබන ආබාධිත කාන්තාවන් සඳහා වූ රැකවරණ නිවාසයේ සිටින රෝගී කාන්තාවන් 17 දෙනෙකු වෙනුවෙන්

දෙහිවල පොලිස් වසමේ සර්ව ආගමික නායකයින්ගේ හමුවක්.ආගමික සංහිදියාව ඇති කිරිමේ අභිප්‍රාය ඇතිව දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සනත් රංජිත් ලියනගේ මහතාගේ සංවිධානයෙන් සර්ව ආගමික කමිටු රැස්වීමක් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 ජුනි 15 වන දින පොලිස් ස්ථානයේදී පැවැත්විණි.

2019 ඓතිහාසික පොසොන් උත්සවය නිමිත්තෙන් පොලිස් ජීවිතාරක්‍ෂක රාජකාරි දිවයින පුරා.වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි පරිසර, නාවික හා ආපදා කළමනාකාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.එච්. චූලසිරි මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ 2019 ඓතිහාසික පොසොන් උත්සවය වෙනුවෙන්...

හෙරොයින් කිලෝ 02ක් හා ගිනි අවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටපොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2019 ජුනි 14 වන දින එම කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සීදුව පොලිස් වසමේ කුස්වල පාර, රබර් වත්ත හංදිය අසලදී කාර් රථයක් නවතා පරික්ෂා කර හෙරොයින් ග්‍රෑම් 521 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය මැඩලීම සහ මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ වැඩසටහන් දිපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ.මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මුදවා ගැනීම සඳහා උපදේශනාත්මක සහය ලබා දීම අරමුණු කර ගනිමින් පවත්වන ලද පොලිස් නිළධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක් අන්තරායකර ඖෂධ ජාතික පාලක මණ්ඩලය මැදිහත්ව 2019 ජුනි 13 දින කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී පවත්වන ලදී.

විශේෂ කාර්ය බලකා පැරා මෙඩික් පුහුණු පාඨමාලාව සාර්ථකව නිමා වේ. 2019 ජනවාරි 22 වන දින සිට 2019 මැයි 15 වන දින දක්වා පොලිස් විශේෂ කාර්ය බලකායේ සියලු නිලයන් නියෝජනය වන පරිදි නිලධාරීන් 35 දෙනෙකු සහභාගි වූ පැරා මෙඩික් පුහුණු පාඨමාලාව සාර්ථකව නිමා විය.

“හරිත පරිසරය තුලින් සහජීවනය” යන තේමාව යටතේ රුක් රෝපන වැඩසටහනක්.“හරිත පරිසරය තුලින් සහජීවනය” යන තේමාව යටතේ ආගමික සහජීවනය උදෙසා සර්ව ආගමික ස්ථාන සහ පාසල් මූලික කරගනිමින් 2019 මැයි 19 වන දින රුක් රෝපන වැඩසටහනක් නිලාවේලි පොලිස් වසමේ ශ්‍රී ලක්ෂ්මී නාරායන පෙරුමාල් විෂ්ණු කෝවිලේ දී පරිසර, නාවික හා ආපදා කළමනාකරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.එච් චුලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

පුපුණ ද්‍රව්‍ය සොයා කොළඹ සෝදිසිකල නිල සුනඛ බ්‍රවුනිඅප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව කොළඹ නගරයේ බොහෝ ස්ථාන පොලිසිය විසින් දැඩි සෝදිසියකට ලක්කරන ලදී. එහිදී කාන්තා පොලිස් කොස්තාපල්වරියක විසින් මෙහෙයවන පොලිස් නිල සුනඛයෙක් පුපුරණ ද්‍රව්‍ය සොයමින් බොහෝ ස්ථාන මෙන්ම බස්රථ ආදියද පරීක්ෂා කිරීම සිදුකරන ලදී.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444