covid ops

02වර්ථමානයේ රටේ සහ මහජනතාවගේ ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සහ ත්‍රීරෝද රථ රියදුරෙකු වශයෙන් තමන්ගෙන් ඉටු විය යුතු සේවාවන් සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාසයේ ත්‍රීරෝද රථ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 මැයි 09 දින රත්මලාන ජර්මානු කාර්මික විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

මොරටුමුල්ල පොලිස් වසමේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කෙරේ.ජාතික ආරක්ෂාව සහ ජාතීන් අතර සංහිදියාව සම්බන්ධයෙන් මොරටුමුල්ල පොලිස් වසමේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 මැයි 03 දින ඉටිබැද්ද සුධර්මාරාම විහාරස්ථානයේදී පැවැත්විණ.

බොරලන්ද පොලිස් විද්‍යාලයේ පුහුණුව ලැබු ආධුනික පොලිස් නිලධාරීන් 515 දෙනෙකු විසිර යයි. “මහජන මිත්‍රශීලී, වෘත්තීමය අභිමානවත් පොලිස් සේවයක් සඳහා” රටේ නීතිය හා සාමය පවත්වා ගෙන යාමට උරදී කටයුතු කරන ශ්‍රී ලංකා පොලිසියේ නිලධරයන්ට ශක්තියක් එක් කරමින් පුහුණුව ලැබු පොලිස් නිලධාරින් පිරිසක් විසිර යාම 2019 මැයි 04 දින බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී සිදුවිය.

පරිසර, නාවික හා ආපදා කළමනාකරණ දිසාවේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කෙරේ.හදිසි ආපදා තත්වයකදී මහජන ආරක්ෂාව, වහා ක්‍රීයාත්මක වීම, ස්වේච්ඡා සංවිධාන හා සිවිල් බලධාරීන් සමඟ කටයුතු කිරීම ආදී වශයෙන් මහජන සමීපතමයා ලෙස සහ පැවරී ඇති බලතලද සමඟ ශ්‍රී ලංකා පොලීසිය වෙත ක්‍රියා කිරීමට පැවරී ඇත්තේ සුවිශේෂි වු කාර්ය භාරයකී.

1

වර්තමාන ආරක්ෂක තත්ත්වය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ හා ප්‍රජා පොලිස් කමිටු බලගැන්වීමේ වැඩමුළුවක් ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 අප්‍රේල් 27 දින අඟුලාන සුමනාරාම විහාරස්ථානයේ පවත්වන ලදී.

 

නින්දවූර් සිදුකල සෝදිසි මෙහෙයුමකින් දේපල රැසක් සොයා ගැනේ.	අම්පාර නින්දවූර් වල මරාගෙන මැරෙන බෝම්බ කණ්ඩායම් සිටින බවට ලද තොරතුරක් අනුව නිවසක් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සෝදිසි කිරීමේ මෙහෙයුමක් අද දින (2019.04.27) සිදු කරන ලදී. එම නිවසේ තිබී,

සමන්තුරය පොලිස් වසමේ සිදු කල වැටලීමේදී පොලිසිය විසින් භාණ්ඩ රැසක් සොයා ගනී.රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ සවස (2019.04.26) සමන්තුරය ප්‍රදේශයේදී අම්පාර කොට්ඨාසයේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත් අඩංගුවට ගන්නා ලද භාණ්ඩ තොගය පිළිබඳ විස්තර මෙහි පහත දක්වා ඇත. එහි මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ වීඩියෝවේ දක්නට ලැබුණු ඇඳුම් කට්ටලයක්, සුදු පැහැති අකුරු ලියන ලද තිරයට සමාන තිරයක් ඇතුළු සැක කටයුතු භාණ්ඩ තොගයක් ඇතුලත්ව ඇත.

අම්පාර සයින්දමරදු ප්‍රදේශයේ ඊයේ (2019 අප්‍රේල් 26) රාත්‍රී මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් පිරිසක් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාර සහ පිපිරීම් සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.	අම්පාර සයින්දමරදු ප්‍රදේශයේ ඊයේ (2019 අප්‍රේල් 26) රාත්‍රී මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් පිරිසක් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාර සහ පිපිරීම් සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

පසුගියදා සිදුවූ බෝම්බ ප්‍රහාර වලට අදාල සැකකරුවන් හඳුනාගැනීමට මහජන සහය පැතීමපසුගියදා සිදුවූ බෝම්බ සිද්ධීන් වලට අදාලව මෙහි ඡායාරූප වල පෙනී සිටින සැකකරුවන් හා සැකකාරියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අවශ්‍යව ඇත. මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පහත සදහන් දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444