covi 1ops roommedia

×

Warning

JUser: :_load: Unable to load user with ID: 560

නිකවැරටිය පොලිස් විද්‍යාලයේ පුහුණුව ලැබූ ආධුනික පොලිස් නිලධාරීන් 164 දෙනෙකු විසිර යයි.රටේ නීතිය හා සාමය පවත්වා ගෙන යාමට උරදී කටයුතු කරන ශ්‍රී ලංකා පොලිසියේ නිලධරයන්ට ශක්තියක් එක් කරමින් පුහුණුව ලැබු ආධුනික පොලිස් නිලධාරීන් පිරිසක් විසිර යාම 2018 ඔක්තෝබර් 20 දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී සිදුවිය.

“හරිමඟ” දැනුවත් කිරීමේ වැඩසටහන කැලණියෙන් ඇරඹේ.නීති විරෝධී මත්පැන් සහ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ ජීවන වෘත්තීන්හි නියැලි පුද්ගලයින් 1000 ක් නිවැරදි ජීවනෝපාය සඳහා යොමු කරවීමේ “හරිමඟ” වැඩ සටහනේ සමාරම්භක උත්සවය 2018 ඔක්තෝබර් 19 වන දින කැලණිය ක්ලෝවර් බ්ලැන්ක්වෙට් උත්සව ශාලාවේදී පැවැත්විණි.

විවෘත වෙඩි තැබීමේ තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට ලෝකඩ පදක්කමක්ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ සංගමය මඟින් පස්වන වරට සංවිධානය කරනු ලැබූ විවෘත වෙඩි තැබීමේ තරඟාවලිය වැලිසර නාවික හමුදා වෙඩිතලාවේදී 2018.10.05 වන දින සිට 2018.10.15 දින දක්වා පැවැත්විණි.

ප්‍රවීනයන්ගේ ලෝක මළල ක්‍රීඩා ශූරතාවය 2018 - කාන්තා යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා පොලීසියට ලෝකඩ පදක්කමක් ප්‍රවීනයන්ගේ ලෝක මළල ක්‍රීඩා සංගමය මගින් වසර දෙකකට වරක් පවත්වනු ලබන ප්‍රවීනයන්ගේ ලෝක මළල ක්‍රීඩා ශූරතාවය 2018, මෙවර ස්පාඤ්ඤයේ මගාලා නුවරදී අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්විය.

මහජනයාගේ ජීවිත හා දේපල ආරක්‍ෂා කිරිම වෙනුවෙන් දිවා රෑ අව් වැසි නොතකා රාජකාරි ඉටුකරන ලද පොලිස් නිලධරයන් හට ත්‍යාග මුදල් පිරිනැමීම සෑම කොට්ඨාසයකම පාහේ සිදුකරනු ලබයි.

“කොළඹ ගුවන් සම්මේලනය 2018” සඳහා පොලිස්පතිතුමන් සහභාගි වේ.ශ‍්‍රී ලංකාවේ භූ-මූලෝපායික වැදගත්කම සනාථ කිරීම සඳහා ගුවන් උපාය මාර්ග යන තේමාව යටතේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “කොළඹ ගුවන් සම්මේලනය 2018” ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018 ඔක්තෝබර් මස 18 වන අද දින රත්මලාන, අත්තිඩිය, ඊගල්ස් ලේක්සයිඞ් උත්සව ශාලාවේදී පැවත්විණි.

බලපත්‍ර නොමැති ගිනි අවි සමඟ සැකකරුවකු අත්අඩංගුවටඅද උදෑසන (2018.10.18) කෑගල්ල ප්‍රදේශයේදී බලපත්‍ර නොමැති ගිනි අවි කිහිපයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනිමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් සමත්විය.