covid ops

×

Warning

JUser: :_load: Unable to load user with ID: 557

ශ්‍රී ලංකා පොලීසිය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරයි.ශ්‍රී ලංකා පොලීසිය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් චාරිත්‍රානුකූලව සංවිධානය කරනු ලැබූ අලුත් අවුරුදු තේපැන් සංග්‍රහය 2019 අප්‍රේල් මස 17 වන දින පෙරවරු 0830 ට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථාන පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

මඩු පොලිස් ස්ථානයේ සම්බන්ධීකරණයෙන් බක්මහ උළෙලක්.ජාතීන් අතර සංහිදියාව වර්ධනය කිරීමේ අරමුණින් මඩු පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයේ සංවිධානයෙන් පවත්වන ලද බක්මහ උළෙල 2019 අප්‍රේල් 14 දින දවස පුරා මඩු පොලිස් ස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

විශිෂ්ට ලෙස රාජකාරි කළ ගම්පහ පොලිස් නිලධාරීන්ගේ සේවය ඇගයේ.ගම්පහ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් සිදු කළ විශිෂ්ට රාජකාරී, ඇගයීමට ලක් කරමින් බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයක් 2019 අප්‍රේල් 11 වන දින ගම්පහ කැනොන් බෝල් උත්සව ශාලාවේදී පවත්වන ලදි.

ගල්කිස්ස කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සිදු කරන ලද විශේෂිත වූ රාජකාරි සහ යහපත් ක්‍රියාවන් අගයා ඔවුන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීම 2019 අප්‍රේල් 09 දින දියගම පිහිටි තාක්ෂණික විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ ශ්‍රවනාගාරයේදී සිදු කරන ලදී.

කොහුවල පොලිස් වසමේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්.කොහුවල පොලිස් වසමේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 අප්‍රේල් 08 දින කළුබෝවිල සහරාන් උත්සව ශාලාවේදී පවත්වන ලදී.

03පොළොන්නරුව පොලිස් ස්ථානයේ ඉදිකරන ලද ළමා හා කාන්තා අපයෝජන නිවාරණ ඒකකය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එහි සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා අප්‍රේල් 10 විවෘත කළේය. එම අවස්ථාව සනිටුහන් කරමින් පැළයක්ද රෝපණය කළේය.

පොලිස් දරු පෙර පාසැලේ සිඟිති බක්මහ උළෙල නිමාවට පත්වෙයි.පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය මඟින් පාලනය වන පොලිස් දරු පෙර පාසැලේ සිඟිති බක්මහ උළෙල, 2019 අප්‍රේල් 09 දින උදෑසන පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොම්පඤ්ඤවීදිය කිව් පාරේ පිහිටි පොලිස් දරු පෙර පාසැල් පරිශ්‍රයේදී පැවැත්විණ..

කළුතර පොලිස් අභ්‍යාස ආයතනයේ පොලිස් නිලධාරිනියන්ගේ විසිරයාමේ පෙළපාළිය ජනපති ප්‍රධානත්වයෙන්කළුතර පොලිස් අභ්‍යාස ආයතනයේ කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ විසිරයාමේ පෙළපාළිය ජනාධිපති ගරු මෙත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ කළුතර පොලිස් අභ්‍යාස ආයතනයේ දී පැවැත්විණි.

01පොලිස් නිලධාරින්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ ඉදිකෙරුණු කොළඹ මලලසේකර මාවතේ, කාන්තා නිලධාරිනියන්ගේ භට නිවාසය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් 2019 අප්‍රේල් 05 විවෘත කෙරිණි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444