covi 1ops roommedia

ප්‍රථම වරට ශ්‍රී ලංකා පොලිස් කාන්තා රගර් සංචිතයක්.වසර 152 ක පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට පොලිස් කාන්තා රගර් සංචිතයක් පිහිටුවීම ගරු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් හා මඟපෙන්විම යටතේ පොලිස් රගර් සංගමයේ සභාපති වන අපරාධ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍යනාශක සහ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ඔක්තෝම්බර් 12 වන දින පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේදී සිදුවිය.

දුක්ගැනවිලි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජනක ගුණතිලක මහතාගේ සේවය ඇගයේ.2018 ඔක්තෝම්බර් 19 වන දින විශ්‍රාම යාමට නියමිත දුක්ගැනවිලි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජනක ගුණතිලක මහතා හට උපහාර පිදීමේ උත්සවයක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ඔක්තෝම්බර් 11 වන දින පස්වරුවේ පොලිස් මූලස්ථාන පොලිස්පති සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

පොලිස් සැරයන්වරයෙකු විසින් රචිත කෘති පෙළක් පොලිස්පතිතුමා වෙත පිළිගන්වයි.හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් සැරයන් 31731 ජේ.කේ. අජිත් රංජන් පෙරේරා මහතා විසින් රචිත කෘති පෙළක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත පිරිනැමීම 2018 ඔක්තෝම්බර් 09 වන අද දින පස්වරු 3.20 ට යෙදුණු සුබ මොහොතින් පොලිස්පති නිල මැදිරියේදී සිදු කරන ලදි.

“හතලිස් පහ” ග්‍රන්ථය පොලිස්පතිතුමන්ට පිළිගැන්වේ.පොලිස්පතිතුමාගේ උදාර සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන ජංගම පොලිස් සේවය කන්තලේ කොට්ඨාසයේ සේරුනුවර පොලිස් වසමේ කාවන්තිස්සපුර ග්‍රාමසේවා වසම ඇතුළු ග්‍රාමසේවා වසම් 04 ක් ආවරණය වන පරිදි ප්‍රජා සත්කාර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.

ගම්පහ කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ගේ සේවය ඇගයේ..පැය 24 පුරා දිවා රෑ නොබලා මහජනයාගේ ජීවිත හා දේපල ආරක්‍ෂා කරමින් තම ජීවිතය පරදුවට තබා රාජකාරි කරන ගම්පහ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ අපරිමිත සේවය අගයමින් ඔවුනට 2018 දෙවන කාර්තුවේ ත්‍යාග මුදල් පිරිනැමීමේ උත්සවය බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (04) දා ගණේමුල්ල රොන්ෆා උත්සව ශාලාවේදී පවත්වන ලදී.

පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයෙන් ලෝක ළමා දින සැමරුම් වැඩසටහනක්.2018 ඔක්තෝබර් 01 වන දිනට යෙදී තිබූ ලෝක ළමා දිනයට සමගාමීව පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය මගින් සංවිධානය කල ළමා දින සැමරුම් වැඩසටහනක් කොළඹ 02හි පිහිටි පොලිස් දරු පෙර පාසල් පරිශ්‍රයේදී පැවත්විණි.

ලෝක ළමා දිනය නිමිත්තෙන් ගිනිගත්හේන පොලිසියෙන් වැඩසටහන් රැසක්.	2018 ලෝක ළමා දිනයට සමගාමීව පවත්වන ලද සැමරුම් උත්සවයක් පසුගියදා (2018 සැප්තැම්බර් 30) ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.