covid ops

Japanese Ambassador meets the IGP.Japanese Ambassador to Sri Lanka, His Excellency Akira Sugiyama met Inspector General of Police, Mr. Pujith Jayasundara on March 25, 2019 at IG’s Conference Hall.

රාජකාරි ඉටුකිරිමේදී පුද්ගලයෙකුගේ පිහි පහරකින් ජීවිතක්‍ෂයට පත් පොලිස් විරුවාණන් හට පොලිස්පතිතුමන් අවසන් ගෞරව දක්වයි.කෑගල්ල කොට්ඨාසයේ වරකාපොළ පොලිස් ස්ථානයට අනුයුක්තව ප්‍රජා පොලිස් ස්ථානාධිපති ලෙස රාජකාරි ඉටු කරනු ලැබු උප පොලිස් පරීක්‍ෂක පී.යූ. සමරසේකර මහතා 2019 පෙබරවාරි 21 වන දින ග්‍රාම ශක්ති වැඩසටහනට සමගාමිව සංවිධානය කරන ලද කෝන්ගොඩ සිට පලමුරේ දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ පාගමනක ගමන් කරමින් සිටියදී, පුද්ගලයෙකු විසින් අනින ලද පිහි පහරින් තුවාල ලබා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී, 2019 මාර්තු 21 වන දින ජීවිතක්‍ෂයට පත් විය.

විවෘත පාපැදි තරඟාවලියේ රිදී පදක්කම ශ්‍රී ලංකා පොලීසියට.අතුරුගිරිය සමඟි ක්‍රීඩා සමාජය මඟින් සංවිධානය කරනු ලැබු විවෘත පාපැදි තරඟාවලියක් පසුගිය (16) දා අතුරුගිරිය, පහත්ගම, මාලඹේ ප්‍රදේශයේ පැවැත්විණි. මෙම පාපැදි තරඟය සඳහා පාපැදි ක්‍රීඩා සමාජ 22 කින් ක්‍රීඩකයින් 158 දෙනෙකු සහභාගි විය.

“ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ උත්සවය මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේදී.ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව, අතිපූජනීය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරිය වන හැනා සිංගර් මහත්මිය වෙත භාරදීමේ භාග්‍යවත් අවස්ථාව පසුගිය (2019 මාර්තු 23) දින මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළදා මාලිගාවේ මහමළුවේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ග්‍රාමීය ප්‍රජා පොලිස් කමිටු සභාපතිවරුන්ට සහ මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රජා උපදේශකවරුන්ට සහතිකපත් පිරිනැමේ.බස්නාහිර පළාත උතුරු දිසාවේ ප්‍රජා පොලිස්කරණ කුසලතා සංවර්ධන පුහුණු වැඩමුළුට සහභාගි වූ ග්‍රාමීය ප්‍රජා පොලිස් කමිටු සභාපතිවරුන් 1177 දෙනෙකු හා හෙට දවස මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රජා උපදේශකවරුන් 170 දෙනෙකු සඳහා හැදුනුම්පත් සහ සහතිකපත්‍ ප්‍රදානය කිරීමේ උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 මාර්තු 24 වන අද දින කැලණිය මා⁣නෙල්වත්ත ශ්‍රී නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්විණි.

පෑලියගොඩ පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශ නව ගොඩනැගිල්ල විවෘත කෙරේ.ළමුන් හා කාන්තාවන් සඳහා ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් බිහි කිරීම අරමුණු කර ගනිමින් ළමා හා කාන්තා කාර්යාංශ දිවයින පුරා ක්‍රියාත්මක වේ. එයට ශක්තියක් එක් කරමින් පෑලියගොඩ පොලිස් ස්ථානය පරිශ්‍රයේදී අභිනවයෙන් ඉදිකරන ලද නව ළමා හා කාන්තා කාර්යාංශ ගොඩනැගිල්ල විවෘත කිරීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සුරතින් 2019 මාර්තු 24 වන අද දින සිදුකරන ලදී.

155 වන පොලිස් විරු සැමරුම් දිනය නිමිත්තෙන් උඩමළුව පොලීසියෙන් පිංකම් රැසක්. 155 වන පොලිස් විරු සැමරුම් දිනය නිමිත්තෙන් උඩමළුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක යූ.සී.අයි. හේමපාල මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සහ සිවිල් ආරක්‍ෂක නිලධාරින්ගේ බැතිබර දායකත්වයෙන් රට දැය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ පොලිස් විරුවන් සිහිකරමින් පිං පැමිණවීමේ පුණ්‍ය කර්මයක් අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (21) දා පොලිස් ස්ථාන පරිශ්‍රයේ දී සිදුකරන ලදී. එදින සන්ධ්‍යාවේදී ජයන්ති විහාරයේ විහාරාධිපති හිමියන් වැඩමවා ධර්මදේශනාමය පුණ්‍ය කර්මයක්ද පැවැත්වි‍ණි.

බණ්ඩාරගම පොලීසියෙන් පොලිස් විරු සැමරුම වෙනුවෙන් ස්වාමීන් වහන්සේලා පනස්නමක් විෂයෙහි සංඝගත දක්ෂිනාවක්.  155 වන පොලිස් විරු සැමරුම් දිනය නිමිත්තෙන් බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩබ්.කේ.එල් වික්‍රමරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් විසින් ස්වාමීන් වහන්සේලා පනස්නමක් වෙනුවෙන් සංඝගත දක්ෂිනාවක් සහ මියගිය, ආබාධිත හා අතුරුදන් වු පොලිස් විරුවන් සිහිකරමින් පින් අනුමෝදන් කරවීමේ සහ ඔවුන්ට සෙත්පැතීමේ දානමය පුණ්‍ය කර්මයක් පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ස්ථාන පරිශ්‍රයේදී පසුගිය (21) දා සිදුකරන ලදි.

පොලිස් නාවික හා පාර්ලිමේන්තු කොට්ඨාස පොලිස් විරුවන් අනුස්මරණය කරයි.155 වන පොලිස් විරු දිනය නිමිත්තෙන් පාර්ලිමේන්තු කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ, පොලිස් අධිකාරි, එල්.ඒ.යූ. සරත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි පොලිස් භට නිවාස භූමීයේදී පොලිස් විරුවන් සිහිපත් කිරිම 2019 මාර්තු 21 දින සිදුකරන ලදී. මෙය විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලද අතර මියගිය විරුවන්ට පිං අනුමෝදන් කර ආබාධිත විරුවන්ට ඉක්මන් සුවය පතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ රෝපිත බෝධීන් වහන්සේ අභියස බෝධි පූජාමය පිංකමක් සිදුකරන ලදි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444