covid ops

කැපවීමෙන් හා විශිෂ්ඨ ලෙස රාජකාරි ඉටු කළ පොලිස් නිලධාරීන් ඇඟයීම වෙනුවෙන් ත්‍යාග ප්‍රධානෝත්සවයක්.රත්නපුර කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් සිදුකල විශිෂ්ඨ රාජකාරී ඇගයීමට ලක් කරමින් රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 පළමු කාර්තුව සඳහා ත්‍යාග සහ චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් 2019 අප්‍රේල් 05 දින ලෙල්ලෝපිටිය සිල්වරේ උත්සව ශාලාවේදී පවත්වන ලදි.

විරු සුමිතුරු ජාතික නිවාස ව්‍යාපෘතියෙන් ත්‍රිකුණාමලය මූතූර්හිදී දිවි පිදූ රණවිරුවානන් වෙනුවෙන් නව නිවසක් පරිත්‍යාග කෙරේ.නිවාස ඉදිකිරීම් අමාත්‍යංශය, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ රණවිරු සේවා අධිකාරිය එක්ව යුද්ධයේදී මියගිය ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් නිලධාරීන්ගේ යැපෙන්නන් වෙත හා පුර්ණ ආබා‍ධිත තත්වයට පත්ව විශ්‍රාම ගන්වා සිටින රණවිරු නිලධාරීන්ගේ නිවාස අවශ්‍යතාවය සම්පුර්ණ කිරීම උදෙසා 2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා නිවාස 3650 ක් ඉදිකිරීමේ මූලික අදියර මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.

මතින් නිදහස් රටක් වෙනුවෙන් “බක්මහ දිවුරුම”තිරසර සංවර්ධන සංකල්පය යටතේ ක්‍රියාවට නැංවෙන මතින් නිදහස් රටක් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනෙහි “බක්මහ දිවුරුම” ලබා දීම 2019 අ‌ප්‍රේල් මස 03 වන අද දින කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

82 වන පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වෙයි.82 වන පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් නිල වශයෙන් 2019 මාර්තු 28 වන දින උදෑසන බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී.

කොස්ගම පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කරයි.සීතාවකපුර කොට්ඨාසයේ කොස්ගම පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් 2019 මාර්තු 28 වන අද දින යෙදුන සුභ මොහොතින් විවෘත කරන ලදි.

දිවයිනේ සියළු පොලිස් කොට්ඨාසවලදී 155 වන පොලිස් විරු සමරු දිනය අනුස්මරණය කෙරේ.155 වන පොලිස් විරු සමරු දිනය නිමිත්තෙන් සංවිධානය කළ ප්‍රධාන සැමරුම් උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 මාර්තු 21 වන දින මාවනැල්ල පොලිස් වසමේ සභාන් විරු ස්මාරකය අබියසදී සිදුකරන ලදි.

මීගහතැන්න පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කෙරේ.කළුතර කොට්ඨාසයේ මීගහතැන්න පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් 2019 මාර්තු 27 දින යෙදුණු සුබ මොහොතින් සිදුකරන ලදී.

Japanese Ambassador meets the IGP.Japanese Ambassador to Sri Lanka, His Excellency Akira Sugiyama met Inspector General of Police, Mr. Pujith Jayasundara on March 25, 2019 at IG’s Conference Hall.

රාජකාරි ඉටුකිරිමේදී පුද්ගලයෙකුගේ පිහි පහරකින් ජීවිතක්‍ෂයට පත් පොලිස් විරුවාණන් හට පොලිස්පතිතුමන් අවසන් ගෞරව දක්වයි.කෑගල්ල කොට්ඨාසයේ වරකාපොළ පොලිස් ස්ථානයට අනුයුක්තව ප්‍රජා පොලිස් ස්ථානාධිපති ලෙස රාජකාරි ඉටු කරනු ලැබු උප පොලිස් පරීක්‍ෂක පී.යූ. සමරසේකර මහතා 2019 පෙබරවාරි 21 වන දින ග්‍රාම ශක්ති වැඩසටහනට සමගාමිව සංවිධානය කරන ලද කෝන්ගොඩ සිට පලමුරේ දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ පාගමනක ගමන් කරමින් සිටියදී, පුද්ගලයෙකු විසින් අනින ලද පිහි පහරින් තුවාල ලබා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී, 2019 මාර්තු 21 වන දින ජීවිතක්‍ෂයට පත් විය.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444