covid ops

×

Warning

JUser: :_load: Unable to load user with ID: 557

අන්තර් පළාත් වූෂු තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට පදක්කම් රැසක්.අන්තර් පළාත් හා දීප ව්‍යාප්ත සංගම් වූෂු තරඟාවලිය පසුගිය 15, 16 හා 17 යන දිනවල මහනුවර පොල්ගොල්ල සමූපකාර ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

අනුරාධපුර කොට්ඨාසයේදී දිවි දුන් පොලිස් විරුවන් විරු දිනයේ සිහිපත් කෙරේ.155 වන පොලිස් විරු දිනය නිමිත්තෙන් අනුරාධපුර මූලස්ථාන පොලිස් ස්ථානයේ රණවිරු ස්මාරකය අභියසදී අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රට දැය වෙනුවෙන් දිවි පිදු පොලිස් විරුවන් අනුස්මරණය කිරීම පසුගිය (21) දා සිදුකරන ලදි. මෙයට සමගාමීව ලේ දන්දිමේ වැඩසටහනක් ද පොලිස් ස්ථානයේදී පවත්වන ලදි.

155 වන පොලිස් විරු සැමරුම් දින, දිවි දුන් පොලිස් විරුවන් අනුස්මරණය කරයි.ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ ජීවිත හා දේපල සුරක්‍ෂිත කිරීමටත්, නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමටත් කැප වී දිවි දුන් ශ්‍රී ලංකා පොලිසියේ විරුවන් අනුස්මරණය කිරීම උදෙසා 155 වන පොලිස් විරු සැමරුම ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 මාර්තු 21 දින මොරටුව මූලස්ථාන පොලිස් ස්ථාන භූමියේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා පොලිසියේ 155 වන විරු සැමරුම් උත්සව දිනයට සමගාමීව රත්නපුර සීවලි ක්‍රීඩාංගණයේ දී 2019 මාර්තු 21 දින පොලිස් විරු සැමරුම් උත්සවයක් පවත්වන ලදි.

6155 වන පොලිස් විරු සැමරු දිනය නිමිත්තෙන් සංවිධානය කළ සැමරුම් උත්සවය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 මාර්තු 21 වන දින බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ඉදිකර ඇති විරු ස්මාරකය අබියසදී පවත්වන ලදී.

“ත්‍රිපිටකාභිවන්දන” ජාතික සතිය නිමිත්තෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම මහතා ඇතුළු පොලිස් නිලධාරීන් විසින් සංවිධානය කල පිණ්ඩපාත චාරිකාව පසුගියදා (2019 මාර්තු 16) අනුරාධපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදී.

02ථේරවාදී ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතකය වැඩසටහන යටතේ ලේඛණගත කිරීමට සමගාමීව “ශ්‍රී ත්‍රිපිටකාභිවන්දන” ජාතික සතිය 2019 මාර්තු 16 දින සිට 2019 මාර්තු 23 දක්වා ක්‍රියාත්මක වේ.

මහජන ජීවිත සහ දේපල සුරැකීමට දිවි දුන් පොලිස් විරු සමරු දිනය.ලක්වාසී ජනතාවගේ ජීවිත හා දේපල සුරක්ෂිත කිරීම උදෙසා සිය ජීවිත පරිත්‍යාග කරමින් වීර වික්‍රමාන්විතව වසර 155 ක් මුළුල්ලෙහි මිය ගිය පොලිස් විරුවන් අනුස්මරණය කරන දිනය 2019 මාර්තු 21 වන දිනට යෙදී ඇත.

ගල්කිස්ස කොට්ඨාසයේ පොලිස් නිලධරයන් සඳහා විශේෂ වැඩමුළුවක්.ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතා විසින් පොලිස් නිලධරයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (2019 මාර්තු 20) දින ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444