covid ops

×

Warning

JUser: :_load: Unable to load user with ID: 557

02ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙසට ප්‍රකාශයට පත්කිරීමට අදාල ජාතික සතිය නිමිත්තෙන් පූගොඩ, දොම්පෙ සහ කිරිදිවැල යන පොලිස් ස්ථානයන් හි පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් පාලන අයතන, ප්‍රදේශවාසීන් හා ප්‍රජා පොලිස් කමිටු සමාජිකයින් එක්ව කිරිදිවැල ඩිපෝව අසල සිට කිරිදිවැල බෞද්ධ මධ්‍යස්ථානය දක්වා ස්වාමීන් වහන්සේලා 50 නමකගේ සහභාගීත්වයෙන් පිණ්ඩපාත චාරිකාවක් පසුගිය (2019 මාර්තු 16) දින පවත්වන ලදි.

 “ත්‍රිපිටකාභිවන්දන” ජාතික සතිය නිමිත්තෙන් කළුතර දකුණ පොලීසියේ සංවිධානයෙන් පිණ්ඩපාත චාරිකාවක්.ජාතික උරුමයක් බවට පවතින ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමට සමගාමිව “ත්‍රිපිටකාභිවන්දන” ජාතික සතිය නිමිත්තෙන් කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන්, කළුතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිලධාරීන් හා ගුවන් හමුදා නිලධාරීන් එක්ව සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාවක් 2019.03.16 වන දින ස්වාමීන් වහන්සේලා 50 නමක් පිණ්ඩපාතය වැඩම කරලීමෙන් අනතුරුව දහවල් දානමය පිංකමක් කළුතර මිහිකත ශ්‍රී සම්බෝධි විහරස්ථානයේදී විහාරාධිපති තිනියාවල උපරතන හිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වන ලදි.

“ත්‍රිපිටකාභිවන්දන” ජාතික සතියට සමගාමීව හැටන් පොලීසියෙන් ආගමික වැඩසටහන් රැසක්. “ත්‍රිපිටකාභිවන්දන” ජාතික සතිය නිමිත්තෙන් හැටන් පොලිස් ස්ථානයෙන් ආගමික වැඩසටහන් රැසක් 2019 මාර්තු 16 වන දින හැටන් පොලිස් වසමේ හැටන් ශ්‍රී නිග්‍රෝධාරාමය, දික්ඔය, දරවල ශ්‍රී සුමනාරාමය හා රුවන්පුර සිරි විජය මංගලාරාමය ආදි විහාරස්ථානවල පිංකම් සිදුකරන ලදී.

“ත්‍රිපිටකාභිවන්දනා” ජාතික සතිය නිමිත්තෙන් දෙමටගොඩ පොලිස් වසමේ පිණ්ඩපාත චාරිකා 12 ක්.“ත්‍රිපිටකාභිවන්දනා” ජාතික සතිය නිමිත්තෙන් දෙමටගොඩ පොලිස් වසමේ විහාරස්ථාන 28 ක් කේන්ද්‍ර කර ගනිමින් ප්‍රාදේශීය වශයෙන් පිණ්ඩපාත චාරිකා 12 ක් ඒ ඒ වීදීවල වැඩම කරවීමෙන් අනතුරුව ස්වාමින් වහන්සේලා 60 නමක් දෙමටගොඩ අනුරුද්ධ බලිකා විද්‍යාලයට වැඩම කරවා එතැන් සිට දර්ශනීය පෙරහැරකින් දෙමටගොඩ ශ්‍රී විශුද්ධාරාමයට වැඩම කරවීමෙන් අනතුරුව දහවල් දානය පිළිගැන්වීමක් සිදුකරන ලදි.

ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙසට ප්‍රකාශයට පත්කිරීමට අදාල ජාතික සතිය නිමිත්තෙන් ගල්කිරියාගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩබ්.සී. පෙරේරා මහතා ඇතුළු පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුබ්බෝගම වෙළඳ ප්‍රජාව, ප්‍රදේශවාසීන් හා ප්‍රජා පොලිස් කමිටු සමාජිකයින් එක්ව සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාවක් ස්වාමීන් වහන්සේලා 60 නමකගේ සහභාගීත්වයෙන් 2019.03.16 දින පුබ්බෝගම නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවත්විණි.

“ත්‍රිපිටකාභිවන්දනා” ජාතික සතියට නිමිත්තෙන් මස්කෙළිය පොලීසියේ සංවිධානයෙන් පිණ්ඩපාත චාරිකාවක්.“ත්‍රිපිටකාභිවන්දනා” ජාතික සතිය නිමිත්තෙන් මස්කෙළිය ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ටී.ආර්. රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරීන් විසින් සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාවක් ස්වාමීන් වහන්සේලා 03 නමකගේ සහභාගීත්වයෙන් 2019.03.16 දින මස්කෙළිය නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවත්විණි.

2019  රගර් පිලිමළුන් පිටු දැකීමේ තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලිසියට ජය.ශ්‍රී ලංකා රගර් පාපන්දු සම්මේලනය මඟින් සංවිධානය කරනු ලැබු 2019 රගර් පිලිමළුන් පිටුදැකීමේ තරඟාවලියේ ප්‍රථම තරඟය පසුගිය (15) දින කොළඹ තුරඟ තරඟ පිටියේ දී ශ්‍රී ලංකා පොලිස් රගර් කණ්ඩායම සහ CR & FC කණ්ඩායම අතර පැවැත්විණි.

“ත්‍රිපිටකාභි වන්දන” සතියට සමගාමීව පිණ්ඩපාත චාරිකාවක්.“ත්‍රිපිටකාභි වන්දන” ජාතික සතිය නිමිත්තෙන් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් පරිදි ස්වාමීන් වහන්සේලා 50 නමකගේ සහභාගීත්වයෙන් පිංණ්ඩපාත චාරිකාවක් 2019.03.16 වන දින ගම්පහ නගරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

“ත්‍රිපිටකාභි වන්දන” සතියට සමගාමීව දඹුල්ල පොලිසියේ සංවිධානයෙන් පිණ්ඩපාත චාරිකාවක්.“ත්‍රිපිටකාභි වන්දන” ජාතික සතිය නිමිත්තෙන් දඹුල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීන්, ප්‍රදේශවාසින් සහ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන එක්ව සංවිධානය කල පිංණ්ඩපාත චාරිකාවක් ස්වාමීන් වහන්සේලා 70 නමකගේ සහභාගීත්වයෙන් 2019.03.16 වන දින දඹුල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවත්විණි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444