covid ops

ශ්‍රී ලංකා ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලියේ ජය ශ්‍රී ලංකා පොලිසියට.ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය මගින් සංවිධානය කරනු ලැබු 67 වන ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලිය දෙසැම්බර් 28 වන දින පොලිස් පිහිනුම් තටාකයේ සහ ගල්කිස්ස වෙරළ තීරයෙදී පවත්වන ලදි.

2019 නව වසරට ආසිරි පතා සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් හා දානමය පිංකමක් පොලිස් මූලස්ථානයේදී.ලබන්නාවූ 2019 නව වසරට ආසිරි පැතීම සහ මිය ගිය පොලිස් විරුවන්ට පිං පැමිණවීම, රාජකාරියේදී ආබාධිත තත්වයට පත්වූ හා රෝගාතුර වූ පොලිස් නිලධාරීන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, සේවයේ නියුතු සියළු තරාතිරම් වල පොලිස් නිලධාරීන්ට හා ඔවුන්ගේ පවුල් වල සැමටත්, ලක්වැසි සියළු ජනතාවටත් සෙත්පතා පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය මෙවර 2018 දෙසැම්බර් 28 වන දින පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.

ගම්පහ කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ගේ විශිෂ්ට සේවය වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනැමේ.මාතෘ භූමිය මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් ගලවා ගැනීම, දරුණු ගණයේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු විවිධ රාජකාරීන් ඉතා වගකීමෙන් සහ කැපවීමෙන් ඉටු කළ ගම්පහ කොට්ඨාසයේ පොලිස් නිලධරයින්ගේ සේවය ඇගයිමට ලක්කර ඔවුනට මුදල් ත්‍යාග පිරිනැමීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 දෙසැම්බර් මස 27 වන දින පල්ලෙවෙල පොලිස් වසමේ පිහිටි ග්‍රෑන්ඩ් එමිරේට්ස් උත්සව ශාලාවේදි සිදුකරන ලදි.

අනුරාධපුර කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ගේ සේවය ඇගයේ.විශිෂ්ට ලෙස රාජකාරි ඉටුකරන ලද අනුරාධපුර කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ සේවය අගයා ඔවුනට මුදල් ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් උතුරුමැද හා වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 දෙසැම්බර් 21 වන දින අනුරාධපුර පොලිස් අධිකාරි කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ 45 වැනි දම් සභාව සඳහා පොලිස්පතිතුමන් එක්විය.ජනපති සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ 45 වැනි දම් සභාව 2018.12.22 වන අද දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ජාත්‍යන්තර සාම විහාරය පරිශ්‍රයේදී පැවැත්විණි.

පොලිස් නත්තල් කැරොල් ගී ප්‍රසංගය සාර්ථකව නිමාවට පත්වෙයි.ශ්‍රී ලංකා පොලිසියේ බෞද්ධ හා ආගමික කටයුතු සංගමය මඟින් සංවිධානය කළ වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2018 දෙසැම්බර් 21 වන දින සන්ධ්‍යාවේදී බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.

1ප්‍රමියර් ලීග් “ඒ” කොටසේ පාපන්දු තරඟාවලියේ සහභාගී වු පස්වන තරඟයේ ජය ශ්‍රී ලංකා පොලිසියට.ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබු ප්‍රමියර් ලීග් “ඒ” කොටසේ පාපන්දු තරඟාවලියේ පොලිස් කණ්ඩායම සහභාගි වූ පස්වන තරඟය 2018.12.19 වන දින ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කණ්ඩායමත් සමග ඒකල ගුවන් හමුදා පාපන්දු ක්‍රීඩාංගනයේදී පැවත්විණි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444