covid ops

×

Warning

JUser: :_load: Unable to load user with ID: 557

155 වන පොලිස් විරු සැමරුම් දින, දිවි දුන් පොලිස් විරුවන් අනුස්මරණය කරයි.ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ ජීවිත හා දේපල සුරක්‍ෂිත කිරීමටත්, නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමටත් කැප වී දිවි දුන් ශ්‍රී ලංකා පොලිසියේ විරුවන් අනුස්මරණය කිරීම උදෙසා 155 වන පොලිස් විරු සැමරුම ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 මාර්තු 21 දින මොරටුව මූලස්ථාන පොලිස් ස්ථාන භූමියේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා පොලිසියේ 155 වන විරු සැමරුම් උත්සව දිනයට සමගාමීව රත්නපුර සීවලි ක්‍රීඩාංගණයේ දී 2019 මාර්තු 21 දින පොලිස් විරු සැමරුම් උත්සවයක් පවත්වන ලදි.

6155 වන පොලිස් විරු සැමරු දිනය නිමිත්තෙන් සංවිධානය කළ සැමරුම් උත්සවය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 මාර්තු 21 වන දින බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ඉදිකර ඇති විරු ස්මාරකය අබියසදී පවත්වන ලදී.

“ත්‍රිපිටකාභිවන්දන” ජාතික සතිය නිමිත්තෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම මහතා ඇතුළු පොලිස් නිලධාරීන් විසින් සංවිධානය කල පිණ්ඩපාත චාරිකාව පසුගියදා (2019 මාර්තු 16) අනුරාධපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදී.

02ථේරවාදී ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතකය වැඩසටහන යටතේ ලේඛණගත කිරීමට සමගාමීව “ශ්‍රී ත්‍රිපිටකාභිවන්දන” ජාතික සතිය 2019 මාර්තු 16 දින සිට 2019 මාර්තු 23 දක්වා ක්‍රියාත්මක වේ.

මහජන ජීවිත සහ දේපල සුරැකීමට දිවි දුන් පොලිස් විරු සමරු දිනය.ලක්වාසී ජනතාවගේ ජීවිත හා දේපල සුරක්ෂිත කිරීම උදෙසා සිය ජීවිත පරිත්‍යාග කරමින් වීර වික්‍රමාන්විතව වසර 155 ක් මුළුල්ලෙහි මිය ගිය පොලිස් විරුවන් අනුස්මරණය කරන දිනය 2019 මාර්තු 21 වන දිනට යෙදී ඇත.

ගල්කිස්ස කොට්ඨාසයේ පොලිස් නිලධරයන් සඳහා විශේෂ වැඩමුළුවක්.ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතා විසින් පොලිස් නිලධරයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (2019 මාර්තු 20) දින ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

02ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙසට ප්‍රකාශයට පත්කිරීමට අදාල ජාතික සතිය නිමිත්තෙන් පූගොඩ, දොම්පෙ සහ කිරිදිවැල යන පොලිස් ස්ථානයන් හි පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් පාලන අයතන, ප්‍රදේශවාසීන් හා ප්‍රජා පොලිස් කමිටු සමාජිකයින් එක්ව කිරිදිවැල ඩිපෝව අසල සිට කිරිදිවැල බෞද්ධ මධ්‍යස්ථානය දක්වා ස්වාමීන් වහන්සේලා 50 නමකගේ සහභාගීත්වයෙන් පිණ්ඩපාත චාරිකාවක් පසුගිය (2019 මාර්තු 16) දින පවත්වන ලදි.

 “ත්‍රිපිටකාභිවන්දන” ජාතික සතිය නිමිත්තෙන් කළුතර දකුණ පොලීසියේ සංවිධානයෙන් පිණ්ඩපාත චාරිකාවක්.ජාතික උරුමයක් බවට පවතින ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමට සමගාමිව “ත්‍රිපිටකාභිවන්දන” ජාතික සතිය නිමිත්තෙන් කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන්, කළුතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිලධාරීන් හා ගුවන් හමුදා නිලධාරීන් එක්ව සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාවක් 2019.03.16 වන දින ස්වාමීන් වහන්සේලා 50 නමක් පිණ්ඩපාතය වැඩම කරලීමෙන් අනතුරුව දහවල් දානමය පිංකමක් කළුතර මිහිකත ශ්‍රී සම්බෝධි විහරස්ථානයේදී විහාරාධිපති තිනියාවල උපරතන හිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වන ලදි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444