ශ්‍රී ලංකා පොලිසියේ සේවා වනිතා උප ඒකකය මඟින් සංවිධානය කල විශේෂ “නත්තල් පොල” අද දින (2018 දෙසැම්බර් මස 18) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපතිනී පුන්‍යා ශාන්ති ජයසුන්දර මහත්මියගේ සහභාගීත්වයෙන් පොලිස් මූලස්ථානයේදී ආරම්භ විය.
ගිනිගත්හේන පොලිස් වසමේ කැලණිගම ප්‍රදේශයේ පදිංචි ස්ථීර නිවසක් නොමැති අසරණ පවුලක් සඳහා ඉදි කරන ලද නව නිවස නිවැසියන් වෙත භාර දීම හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය මහතා විසින් 2018 දෙසැම්බර් 15 වන දින සිදු කරන ලදී.
පොලීසිය සහ මහජනතාව අතර සුහඳතාවය වර්ධනය කිරීමේ අරමුණින් ගම්පහ කොට්ඨාසයේ වේයන්ගොඩ පොලිස් වසමේ අඩු පහසුකම් සහිත පාසලක් වන බලබෝව කණිෂ්ඨ විද්‍යාලයේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණුකර සිසු දරු දැරියන් වෙත භාර දීම ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 දෙසැම්බර් මස 17 වන දින සිදුකරන ලදි.
ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද ඩයලොග් ලීග් රග්බි තරඟාවලියේ හයවන තරගය 2018 දෙසැම්බර් 15 වන දින ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායමත් සමග බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා පොලිසිය සහ මහජනතාව අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් ගම්පහ කොට්ඨාසයේ වැලිවේරිය පොලිස් වසමේ අඩු පහසුකම් සහිත පාසලක් වන ඇඹරලුව මහා විද්‍යාලය සඳහා ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ මැදිහත්වීමෙන් නවතම වැසිකිලි දෙකක් සහ වැලිවේරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අතපත්තු මහතාගේ මැදිහත්වීමෙන් එක් වැසිකිලියක් නවීකරනයක් කර එය ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමන් විසින් 2018.12.13 වන දින පාසල් ළමුන් වෙත භාර දීම සිදුකරන ලදී.
Signed the MOU between Vietnamese People’s Police Academy Senior Colonel. Assoc. Prof. Dr.Pham Cong NGUYEN and the Deputy Inspector General of Police / Training, Recruitment, Human Resource Management and International Relations, Chief Executive officer of National Police Academy, Mr. Sanjeewa Dharmaratna on 12th December 2018 at the IG’s Conference Hall, Police Headquarters, Colombo.
ශ්‍රී ලංකා පොලීසියේ දැක්ම යථාර්ථයක් කර ගැනීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අත්වැල් බැඳගනිමින් මහජනතාවට කඩිනම් සුහදශීලී සේවාවක් සැපයීම සඳහා අස්ථානගත වූ හෝ සොරකම් කරන ලද ජංගම දුරකථන සොයා ගැනීමේ මාර්ග ගත පරිගණක වැඩසටහන (Sri Lanka Police iNeed Service) ස්ථාපිත කිරීමේ උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ (මහජන පැමිණිලි) මේනකා පතිරණ මහත්මියගේ සහ දුරකථන සමාගම් වල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් 2018.12.11 වන අද දින පෙරවරු 09.00 ට පොලිස් මූලස්ථානයේ පොලිස්පති සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විය.