ශ්‍රී ලංකා මල්ලවපොර සංගමය විසින් 78 වන වරට සංවිධානය කරනු ලැබූ 2018 ජාතික මල්ලවපොර ශූරතා තරඟාවලිය 2018 දෙසැම්බර් මස 01 දින සිට 04 දින දක්වා මීගමුව කඩොල්කැලේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්මරණ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
පොලිස් පවුල් සුභසාධක සංගමය මඟින් පාලනය වන මරදාන හා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයෙහි පිහිටි Tiny Tots පෙර පාසැල් දෙකෙහි 2018 වාර්ෂික විවිධ ප්‍රසංගය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ හා පොලිස් පවුල් සුභසාධක සංගමයේ හා පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපතිනි පුන්‍යා ශාන්ති ජයසුන්දර මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2018 දෙසැම්බර් මස 06 වන දින පස්වරුවේ කොළඹ 07 නව නගර ශාලාවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා සෙපක්ට්රැක්රෝ සංගමය විසින් 14 වන වරට පවත්වනු ලැබූ 2018 සෙපක්ට්රැක්රෝ ජාතික ශූරතාවලිය පසුගියදා (2018 නොවැම්බර් 24 සහ 25) වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණ අතර ඒ සඳහා පොලිස් සෙපක්ට්රැක්රෝ කණ්ඩායම ඇතුළුව කණ්ඩායම් 22 ක් නියෝජනය කරමින් ක්‍රීඩක / ක්‍රීඩිකාවන් 150 දෙනෙකු පමණ සහභාගි විය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් සති කිහිපයක සිට සිදුකරන ලද සාර්ථක විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස 2018.12.05 වන දින රාත්‍රි බේරුවල සහ බලපිටිය අතර මුහුදු තීරයේ නාවික සැතපුම් 03ක් පමණ දුරින්, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ සහය ඇතිව වැටලීමක් සිදුකර හෙරෝයින් කිලෝ 231 ග්‍රෑම් 54ක් බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු එම බෝට්ටුවද සමග අත්අඩංගුවට ගෙන ඇත.
අන්තර්ජාලය භාවිතා කරමින් සිදු කරන අපරාධ සම්බන්ධයෙන් වීදී නාට්‍යයක් රඟ දක්වමින් එම අපරාධ වලින් මිදීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව ගම්පහ නගරයේ ජනතාව සහ උපකාරක පංති සඳහා සහභාගි වූ සිසුන් දැනුවත් කිරීමේ සහ අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් 2018 දෙසැම්බර් 01 වන දින ගම්පහ නගරයේදී පවත්වන ලදී.
පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය මඟින් පාලනය වන පොලිස් දරු පෙර පාසැලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2018 දෙසැම්බර් මස 05 වන දින මරදාන ටවර් රඟහලේදී පැවැත්විණි. විවිධ ප්‍රසංගයේ විශේෂ ආරාධිතයා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගි විය.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කරනු ලැබු ප්‍රීමියර් ලීග් පාපන්දු තරඟාවලියේ (01) වන කොටසේ තරඟය ශ්‍රී ලංකා පොලිස් පාපන්දු කණ්ඩායම හා මහනුවර හයිලයින්ඩ් කණ්ඩායම අතර පසුගිය (2018 දෙසැම්බර් 02) දින මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.