covid ops

පොලිසිය හා මහජනතාව අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් අත්පන්දු තරඟාවලියක්. ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ සංකල්පයකට අනුව පොලිසිය හා මහජනතාව අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද අත්පන්දු තරඟාවලිය 2019 පෙබරවාරි 17 වන දින ගම්පහ මුදුන්ගොඩ අත්පන්දු ක්‍රීඩාපිටියේදී පවත්වන ලදී.

ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහරෙහි මල් පෙරහරට පොලිස්පතිතුමන්ද එක් වේ.කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන නවම් මහා පෙරහරෙහි මල් පෙරහර 2019.02.17 වන දින පස්වරුවේදී විහාරස්ථානය අවට වීථී සංචාරය කළ අතර එහි සමාරම්භක අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද සහභාගි විය.

අඩු ආදායම් ලාභි පවුලක ළමයින් සදහා පාසල් උපකරණ හා මුදල් ආධාර පිරිනැමේ.පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ උප පොලිස් පරික්‍ෂක චාමර රාජපක්‍ෂ නිලධාරියාගේ සංකල්පයක් මත දිවයිනේ අඩු ආදායම්ලාභි පවුලක් තෝරාගෙන එහි පාසල් යන ළමයින්ගේ අධ්‍යාපන අවශ්‍යතා ඉටු කිරීමට සහනයක් වශයෙන් පාසල් උපකරණ සහ මුදල් ආධාර ලබාදීමේ වැඩ සටහනක් 2018 පෙබරවාරි 15 වන දින පෙරවරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ දී ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ඒ.එෆ් පුවාඩ් මහතාගේ සුරතින් සිදුකරන ලදි.

කිරිබත්ගොඩ පොලිස් වසමේ දිළිඳූ පවුලක් සඳහා නව නිවසක්. කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් අංක 316, පරණ නුවර පාර, දළුගම, කැළණිය ලිපිනයේ පදිංචි ඉන්දිකා සඳමාලි මහත්මිය වෙනුවෙන් ඉදිකරන ලද නව නිවස ප්‍රදානය කිරීමේ උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 පෙබරවාරි 12 වන දින පැවැත්විණි.

2019 අන්තර් කොට්ඨාස පොලිස් මලල ක්‍රීඩා උළෙලෙහි රත්නපුර දිස්ත්‍රික් තරඟාවලිය සාර්ථකව නිමා වේ.රත්නපුර කොට්ඨාස අන්තර් දිස්ත්‍රික් පොලිස් මලල ක්‍රීඩා උළෙල රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, පද්මසිරි මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 පෙබරවාරි 09 වන දින දවස පුරා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේ දී පවත්වන ලදී.

අපරාධ බුද්ධි තොරතුරු විශ්ලේෂණ මෘදුකාංගය VPN ජාලය තුළ ස්ථාපිත කෙරේ.අපරාධ බුද්ධි තොරතුරු විශ්ලේෂණ මෘදුකාංගය ශ්‍රී ලංකා පොලීසියේ VPN ජාලය තුළ ස්ථාපිත කිරීමේ උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 පෙබරවාරි 11 වන දින පස්වරුවේ අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී.

රථවාහන රිය අනතුරු අවම කර ගැනිම සඳහා ශ්‍රී ලංකා පොලිසියට නව මෘදුකාංගයක්.ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් රථවාහන රිය අනතුරු අවම කර ගැනිම හා රිය අනතුරු දත්ත ක්ෂණිකව ලබාගැනීම සඳහා නව මෘදුකාංගයක් සහ අන්තර්ජාල පහසුකම් සහිත ටැබ් යන්ත්‍ර 50ක් ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබාදීමේ උත්සවය 2019.02.11 වන දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේ පොලිස්පති සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

2018 අ.පො.ස (උ/පෙළ) සමත් සිසු සිසුවියන් හට ත්‍යාග පිරිනැමේමිනුවන්ගොඩ ගල්ඔළුව අල් අම්මාන් මුස්ලිම් මහා විද්‍යාලයේ 2018 අ.පො.ස (උ/පෙළ) සමත් සිසු සිසුවියන් හට ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 පෙබරවාරි 04 වන දින එම විද්‍යාලයේ දී සිදුකරන ලදී.

පොලිස්පතිතුමන්ගේ සුරතින් නව පොලිස් ලේඛනාගාරය විවෘත වේ.	ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතිසංවිධානය කිරීමේ එක් පියවරක් ලෙසින් පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසයේ ස්ථාපිත කරන ලද නව පොලිස් ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා පොලිසියේ දත්ත කළමනාකරණ මෘදුකාංගය 2019.02.05 වන දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සුරතින් විවෘත කරන ලදී.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444