covid opsstf 37

×

Warning

JUser: :_load: Unable to load user with ID: 560

දෙහිඅත්තකණ්ඩිය අපරාධ පරීක්‍ෂණාගාරයට (SOCO) අනුයුක්තව රාජකාරි කරනු ලබන උප පොලිස් පරීක්‍ෂක රෝහිත චන්ද්‍රලාල් මහතා ඇතුළු පිරිසක් විසින් සංවිධානය කළ “උත්තම රුහිරු පූජා” ලේ දන්දීමේ වැඩසටහන පසුගියදා (2018 දෙසැම්බර් 29) දෙහිඅත්තකණ්ඩිය සමනළ තැන්න ආරන්‍ය සේනාසනයේදී පවත්වන ලදී.

විස්කිපොයින්ට් සහ පීනට් ෆාම් ජීවිතාරක්‍ෂක මුර කුටි සඳහා මුල්ගල තැබේ.දේශීය සහ විදේශීය සංචාරකයන් විශාල පිරිසකගේ ආකර්ශණයට ලක්ව ඇති පොතුවිල් පොලිස් වසමේ විස්කිපොයින්ට් වෙරළ තීරයේ සහ පානම පොලිස් වසමේ පීනට් ෆාම් වෙරළ තීරයේ ඉදි කිරීමට යෝජිත ජීවිතාරක්‍ෂක මුරකුටි සඳහා මුල්ගල තැබීම නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා විසින් 2019 ජනවාරි 03 වන දින සිදු කරන ලදී.

ගිනිගත්හේන පොලිස් නිලධාරීන්ගේ සංවිධානයෙන් දානමය පිංකමක්.පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරි නියුතු පොලිස් නිලධාරීන්ට සහ ලක්වැසි සැමට සෙත්පතා ගිනිගත්හේන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සංවිධානය කල දානමය පිංකමක් 2019 ජනවාරි 02 වන දින ගිනිගත්හේන පොලිස් ස්ථානයේදී පවත්වන ලදී.

ලක්වාසීන්ට සෙත්පතා සර්ව රාත්‍රීක පිරිත් පිංකමක්.පොලිස්පතිතුමා ඇතුළු සියළුම පොලිස් නිලධාරින්ට සහ ලක්වාසී සැමට සෙත්පතා 2018 දෙසැම්බර් 30 දින සර්ව රාත්‍රීක පිරිත් සජ්ඣායනාවක් අනුරාධපුර පොලිස් අධිකාරි කාර්යාලයේදී පවත්වන ලදී.

ගම්පහ කොට්ඨාසයේ ප්‍රජා පොලිස් උපදේශණ කමිටු සාමාජිකයින්ගේ සේවය ඇගයේ.ගම්පහ කොට්ඨාසයේ වැලිවේරිය, යක්කල, වීරගුල හා මල්වතුහිරිපිටිය යන පොලිස් ස්ථානවල ප්‍රජා පොලිස් උපදේශණ කමිටු සාමාජිකයින් හට ඔවුන්ගේ සේවය අගයමින් සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයක් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (20) දා යක්කල ප්‍රදේශීය සභා ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

පොලිස්පතිතුමන් නව වසරේ රාජකාරි ආරම්භ කරයි.පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් මූලස්ථානයේ පොලිස්පති නිල මැදිරියේදී 2019 නව වසරේ රාජකාරි අරඹමින් අද (2019 ජනවාරි 01) දින පළමුවෙන්ම සේවය අතහැර යාමේ නියෝග ලබා සිටි නිලධාරීන් කිහිපදෙනෙකුගේ අභියාචනා සැලකිල්ලට ගෙන එම නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීම සිදු කරන ලදී.

පොලිස් මූලස්ථානයේ නිලධාරීන් රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දෙයි.උදා වූ 2019 නව වර්ෂයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 01) උදෑසන පොලිස් මූලස්ථානයේදී රාජ්‍ය සේවන ප්‍රතිඥාව ලබා දීම සිදු කෙරිණි.

තනතුර හැඩගැස්වීමේ පාඨමාලාව සාර්ථකව හදාරන ලද රාජ්‍ය නිවේදිත නිලධාරින් සදහා සහතික පත් පිරිනැමේ.ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මගින් පවත්වන ලද තනතුර හැඩගැස්වීමේ පාඨමාලාව සාර්ථකව හදාරන ලද රාජ්‍ය නිවේදිත නිලධාරින් සදහා සහතිකපත් පිරිනැමීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018.12.31 වන දින පොලිස්පති සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවත්විය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත විශේෂ පොලිස් උත්තමාචාරයක් පිරි නැමීම.ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විශ්‍රාම යාම නිමිත්තෙන් එතුමා වෙනුවෙන් පොලිස් උත්තමාචාර පෙළපාලියක් 2018.12.31 වන දින පොලිස් මූලස්ථානයේදී පවත්වන ලදී.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444