මරණයට කැප වූ ගවයින් දෙදෙනෙකු නිදහස් කිරීමේ පුණ්‍ය කටයුත්තක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් 2018.10.02 වන අද දින පෙරවරුවේ බොරැල්ල කළ්‍යාණ ධර්මාශ්රයේදී සිදු කරන ලදී.
2018 ඔක්තෝබර් 01 වන අද දිනට යෙදී ඇති ලෝක ළමා දිනයට සමාගාමීව ටයිනි ටොට්ස් පෙර පාසැල් සමූහය, පොලිස් සේවා වනිතා ඒකකය හා පොලිස් පවුල් සුභසාධක සංගමය එක්ව සංවිධානය කල ළමා දින සැමරුම් වැඩසටහනක් පොලිස් සේවා වනිතා ඒකකයේ සහ පොලිස් පවුල් සුභසාධක සංගමයේ සභාපතිනී, පුන්‍යා ශාන්ති ජයසුන්දර මැතිණියගේ ප්‍රධානත්වයෙන් පොලිස් පවුල් සුභ සාධක සංගම් ශ්‍රවනාගාරයේදී සාර්ථක අයුරින් පැවැත්විණි.
යාපනය කොට්ඨාසයේ ක්‍රියාත්මක වන “ආවා” කල්ලියට සම්බන්ධ වූ සාමාජිකයින් දෙදෙනෙකු 2018.09.27 වන දින චුන්නාකම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
රිය අනතුරු අවම කිරීම සහ විනයාණුකූල රිය ධාවනය ඇති කිරීමේ අරමුණින් පොලිස් අනුරුව ස්ථාපිත කිරිම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 සැප්තැම්බර් මස 29 දින පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කල්අඩිය හන්දියේ දී සිදුකරන ලදි.
පුත්තලම නගරයේ රථ වාහන විධිමත්ව හැසිරවීම සහ අපරාධ මැඩලීමට තොරතුරු රැස්කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලීසිය විසින් පුත්තලම නගරයේ සවිකරන ලද සී.සී.ටී.වී කැමරා පද්ධතිය ඊයේ (2018 සැප්තැම්බර් 29) දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් විවෘත කරන ලදී.
පොලිස් රෝහල මඟින් පවත්වනු ලැබූ මාසික ධර්ම දේශනාව කළුබෝවිල ශ්‍රී මහා විහාරවාසී පූජ්‍යපාද තල්ගස්තේ සුමංගල හිමියන්ගේ මූලිකත්වයෙන් පසුගියදා (2018 සැප්තැම්බර් 24) නාරහේන්පිට පොලිස් රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලදී.
පුත්තලම කොට්ඨාසයේ වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය අමාත්‍ය ගරු රංජිත් මද්දුම බණ්ඩාර සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් 2018 සැප්තැම්බර් 29 දින සිදු කරන ලදී.