covid ops

අනුරාධපුර කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ගේ සේවය ඇගයේ.විශිෂ්ට ලෙස රාජකාරි ඉටුකරන ලද අනුරාධපුර කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ සේවය අගයා ඔවුනට මුදල් ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් උතුරුමැද හා වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 දෙසැම්බර් 21 වන දින අනුරාධපුර පොලිස් අධිකාරි කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ 45 වැනි දම් සභාව සඳහා පොලිස්පතිතුමන් එක්විය.ජනපති සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ 45 වැනි දම් සභාව 2018.12.22 වන අද දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ජාත්‍යන්තර සාම විහාරය පරිශ්‍රයේදී පැවැත්විණි.

පොලිස් නත්තල් කැරොල් ගී ප්‍රසංගය සාර්ථකව නිමාවට පත්වෙයි.ශ්‍රී ලංකා පොලිසියේ බෞද්ධ හා ආගමික කටයුතු සංගමය මඟින් සංවිධානය කළ වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2018 දෙසැම්බර් 21 වන දින සන්ධ්‍යාවේදී බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.

1ප්‍රමියර් ලීග් “ඒ” කොටසේ පාපන්දු තරඟාවලියේ සහභාගී වු පස්වන තරඟයේ ජය ශ්‍රී ලංකා පොලිසියට.ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබු ප්‍රමියර් ලීග් “ඒ” කොටසේ පාපන්දු තරඟාවලියේ පොලිස් කණ්ඩායම සහභාගි වූ පස්වන තරඟය 2018.12.19 වන දින ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කණ්ඩායමත් සමග ඒකල ගුවන් හමුදා පාපන්දු ක්‍රීඩාංගනයේදී පැවත්විණි.

පොලිස් මූලස්ථානයේ නත්තල් පොලක්.ශ්‍රී ලංකා පොලිසියේ සේවා වනිතා උප ඒකකය මඟින් සංවිධානය කල විශේෂ “නත්තල් පොල” අද දින (2018 දෙසැම්බර් මස 18) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපතිනී පුන්‍යා ශාන්ති ජයසුන්දර මහත්මියගේ සහභාගීත්වයෙන් පොලිස් මූලස්ථානයේදී ආරම්භ විය.

ගිනිගත්හේන පොලිසියෙන් අසරණ පවුලක් සඳහා නව නිවසක්.ගිනිගත්හේන පොලිස් වසමේ කැලණිගම ප්‍රදේශයේ පදිංචි ස්ථීර නිවසක් නොමැති අසරණ පවුලක් සඳහා ඉදි කරන ලද නව නිවස නිවැසියන් වෙත භාර දීම හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය මහතා විසින් 2018 දෙසැම්බර් 15 වන දින සිදු කරන ලදී.

බලබෝව කණිෂ්ඨ විද්‍යාලයට ශ්‍රි ලංකා පොලිසියෙන් සත්කාරයක්.	පොලීසිය සහ මහජනතාව අතර සුහඳතාවය වර්ධනය කිරීමේ අරමුණින් ගම්පහ කොට්ඨාසයේ වේයන්ගොඩ පොලිස් වසමේ අඩු පහසුකම් සහිත පාසලක් වන බලබෝව කණිෂ්ඨ විද්‍යාලයේ සනීපාරක්‍ෂක පහසුකම් වැඩිදියුණුකර සිසු දරු දැරියන් වෙත භාර දීම ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 දෙසැම්බර් මස 17 වන දින සිදුකරන ලදි.

ශ්‍රී ලංකා පොලීසිය ඩයලොග් ලීග් රග්බි තරඟාවලියේ හයවන තරගයේ ජය ලබයි.ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද ඩයලොග් ලීග් රග්බි තරඟාවලියේ හයවන තරගය 2018 දෙසැම්බර් 15 වන දින ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායමත් සමග බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

වැලිවේරිය පොලිසිය විසින් ඇඹරලුව මහා විද්‍යාලයට සත්කාරයක්.ශ්‍රී ලංකා පොලිසිය සහ මහජනතාව අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් ගම්පහ කොට්ඨාසයේ වැලිවේරිය පොලිස් වසමේ අඩු පහසුකම් සහිත පාසලක් වන ඇඹරලුව මහා විද්‍යාලය සඳහා ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ මැදිහත්වීමෙන් නවතම වැසිකිලි දෙකක් සහ වැලිවේරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අතපත්තු මහතාගේ මැදිහත්වීමෙන් එක් වැසිකිලියක් නවීකරනයක් කර එය ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමන් විසින් 2018.12.13 වන දින පාසල් ළමුන් වෙත භාර දීම සිදුකරන ලදී.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444