covid ops

පොලිස්පති සුරතින් වනාතවිල්ලුව පොලිස් වසමේ අසරණ පවුලක් සඳහා නව නිවසක්.පොලිස්පතිතුමන්ගේ “ගමට පොලිසිය” වැඩසටහන යටතේ පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරී ජේ.ඒ. චන්ද්‍රසේන මහතාගේ උපදෙස් මත වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයේ මෙහෙයවීමෙන් ඉදිකරන ලද නව නිවස අංක 637/03 කරඩිපුවල් ග්‍රාම නිලධාරී වසමේ පදිංචි රේණුකා එදිරිසිංහ මහත්මිය වෙත භාර දීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් 2018 සැප්තැම්බර් 29 වන දින සිදු කරන ලදී.

කටුපොත පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ සුරතින් විවෘත කෙරේ.කුලියාපිටිය කොට්ඨාසයේ කටුපොත පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ ගරු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සහභාගීත්වයෙන් 2018 සැප්තැම්බර් 28 වන අද දින විවෘත කරන ලදි.

5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිමට නියමිත දරුවන් සඳහා ශ්‍රී ලංකා පොලිසියෙන් පොත් කට්ටලයක්.2019 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත පොලිස් නිලධාරින්ගේ දරු දැරියන් සඳහා කණිෂ්ඨ පොලිස් නිලධාරි සංගමය මඟින් ලබා දෙන “මාස්ටර් ගයිඩ්” පොත් කට්ටල ප්‍රදානය කිරීමේ උත්සවය 2018 සැප්තැම්බර් 27 වන දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් කණිෂ්ඨ පොලිස් නිලධාරී සංගම් මූලස්ථානයේදී පැවැත්විණි.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල් ගල තැබීමේ උත්සවය1948 සැප්තැම්බර් මස ආරම්භ කරන ලද කළුතර පොලිස් විද්‍යාලයට වසර 70 ක් සපිරීම නිමිත්තෙන් පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අභිනවයෙන් ඉදි කරනු ලබන චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල් ගල තැබීමේ උත්සවය 2018 සැප්තැම්බර් 26 වන දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් අභ්‍යාස විද්‍යාලීය පරිශ්‍රයේදී පැවත්විණි.

පොලිස්පතිතුමන් දුම්රියක ගැටීමෙන් දෙපා අහිමි වූ පොලිස් නිලධාරියාගේ සුවදුක් විමසයි.2018 අප්‍රේල් 28 දින පානදුර පිංවත්ත දුම්රිය ස්ථානයේදී ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියකට නැගීමට යාමේදී දුම්රියෙන් වැටී එම දුම්රියට හසුවීමෙන් දණ හිසට ඉහළින් දෙපා අහිමි වී මේ වන විට නාරහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන පොලිස් කොස්තාපල් 70579 දිනේෂ් විද්‍යා මදුරංග ද සිල්වා නිලධාරියාගේ සුවදුක් විමසීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (2018 සැප්තැම්බර් 24) දින පොලිස් රෝහලේ සංචාරයක නිරත විය.

කොට්ඨාස භාර නිලධාරින් හා අධ්‍යක්‍ෂ වරුන් සදහා විශේෂ වැඩමුළුවක්.පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් කොට්ඨාස භාර නිලධාරින් හා අධ්‍යක්‍ෂවරුන් සදහා විශේෂ වැඩමුළුවක් 2018 සැප්තැම්බර් 22 දින ටාජ් සමුද්‍රා හොටලයේ දී පවත්වන ලදි.

U.S. Embassy Regional Security Officers Meets IGPMr. Jason Williams , Special agent , Regional Security Officer of U.S. Embassy for Sri lanka Visited Police Headquarters Colombo on 17th September 2018 and met the Inspector General of Police Mr. Pujith Jayasundara.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444