හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් තීරණය කරන ලදී.
මත්ද්‍රව්‍ය පිටුදැකීම සම්බන්ධව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2018 සැප්තැම්බර් 15 වන දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් මාලිගාවත්ත පොඩි ප්‍රදීපා ශාලා පරිශ්‍රයේදී පැවත්විණි.
පරිසර ආරක්ෂණ, නාවික කොට්ඨාස සහ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් සදහා විශේෂ සාකච්ඡාවක් 2018 සැප්තැම්බර් 15 වන දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ වාර්ථා කොට්ඨාස ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
දකුණු පළාතේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි වලට විසඳුම් ලබාදීම, ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාකාරීත්වය දකුණු පළාතතුළ නියාමනය කිරීම හා පොලිස් නිලධාරීන්ගේ සුභසාධන කටයුතු සොයා බැලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් 2018.09.14 වන දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිගම නගර සභා ශ්‍රවණාගාරයේදී පැවත්විණි.
මාතර නගරයේ ස්වර්ණාභරන වෙළඳසැලක් කොල්ල කෑමට පැමිණි ආයුධ සන්නද්ධ කල්ලියක් විසින් සිදු කල වෙඩි ප්‍රහාරයකට ලක්ව 2018 ජුනි 22 වන දින මිය ගිය පොලිස් සැරයන් 69532 වීරසිංහ නිලධාරියාගේ බිරිඳ සහ දරුවන් පදිංචිව සිටින මාතර පොලිස් වසමේ කිරින්දගේ වත්ත, ගොඩගම ලිපිනයේ පිහිටි නිවසෙහි ඉදිකිරීම් කටයුතු නිම කර එය වීරසිංහ නිලධාරියාගේ බිරිඳ වන සෞම්‍ය කුමාරි මහත්මිය වෙත ප්රදානය කිරීම 2018 සැප්තැම්බර් 14 වන දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සුරතින් සිදු කරන ලදී.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී පවත්වනු ලබන පොදු හා මූල්‍ය කාරක රැස්වීම 2018 සැප්තැම්බර් 13 දින පොලිස් මූලස්ථානයේදී පවත්වන ලදී.
ඊ.එල්. අබේගුණවර්ධන අභියෝගතා කුසලාන අන්තර් කොට්ඨාස පැසිපන්දු තරඟාවලිය 2018 සැප්තැම්බර් 05 වන දින සිට සැප්තැම්බර් 07 වන දින දක්වා බම්බලපිටිය පොලිස් පැසිපන්දු පිටියේදී පැවැත්විණි.