ජාතික පොලිස් අභ්‍යාස ආයතනයන සදහා නව පරිපාලන ගොඩනැගිල්ලක් ඉදි කිරිමට මුල් ගල තැබීමේ උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018.08.23 වන දින පෙරවරු 07.38 ට යෙදුන සුභ මොහොතින් කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.
රුවන්වැල්ල පොලිස් ස්ථානය මඟින් සංවිධානය කරන ලද ජංගම වෛද්‍ය සායනයක් පසුගිය (06) දා දවස පුරා අංක 102 C, උඩකණුගල, ශ්‍රී නන්දාරාම විහාරස්ථාන ධර්මශාලාවේදි පවත්වන ලදි.
2018 රාජ්‍ය සේවා T 20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය වව්නියාව පොලිස් කොට්ඨාස ක්‍රිකට් කණ්ඩායම හා වයඹ පළාත් සභා ක්‍රිකට් කණ්ඩායම අතර පසුගිය (01) දා දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තු ක්‍රීඩාංගනයේදි පැවැත්විණි.
මහියංගනය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වශයෙන් රාජකාරි කර දැනට ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් එක්සත් ජාතින්ගේ සාමසාධක හමුදාවේ දකුණු සුඩානයේ රාජකාරි වාර්තා කර සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක, එම්.ආර්.එස්. තිස්ස කුමාර මහතා 72 වන නිදහස් දින ඉන්දියානු අත්පන්දු තරඟාවලිය සඳහා ඔහුගේ නායකත්වයෙන් යුතු අත්පන්දු කණ්ඩායම 2018 අගෝස්තු 12 වන දින පැවති අවසන් මහා තරඟයෙන් ශූරතාවය දිනා ගනිමින් කුසලාන හා රන් පදක්කම හිමිකර ගැනිමට සමත්ව ශ්‍රී ලංකා පොලිසියට ඉමහත් කීර්තියක් අත්කර දි ඇත.
සපුගස්කන්ද පොලිස් වසමේ හෙයියන්තුඩුව නැගෙනහිර ග්‍රාමසේවා වසමේ අංක 172/06, බතලවත්ත, මාබිම ලිපිනයේ පදිංචි කාරියප්පෙරුම අතුකෝරලගේ දොන් සූජීව ප්‍රේමලාල් යන අය සඳහා පොලිස්පති තුමාගේ සංකල්පයක් වන “ගමට පොලිසිය” වැඩසටහනට සමගාමීව නිවසක් ඉදිකර 2018.08.19 වන අද දින පැය 09 00 ට පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිඳුන්ගේ සුරතින් විවෘත කර නිවැසියන් වෙත භාර දෙන ලදි.
මත් උවදුර පිටු දැකිම සදහා ශ්‍රි ලංකා පොලිසිය විසින්, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ උපදෙස් සහ සහය ඇතිව ගම්පහ, මීගමුව සහ කැළණිය පොලිස් කොට්ඨාස අයත් වන බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පති දිසාව තුල නියමු ව්‍යාපෘතියක් ( filot project ) ලෙසට 2018 අගෝස්තු 19 වන අද දින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටියේදී පවත්වන ලද උත්සවයකදී මෙය ආරම්භ කරන ලදි.
2018 අගෝස්තු 11 වන දින රුවන්වැලිසෑය අබියස මහා අධිෂ්ඨාන පූජාව පැවතුණු අතර බැතිමතුන් විශාල වශයෙන් ඒ සදහා සහභාගි වි ඇත. ඔවුන් දිය නෑම සදහා තිසාවැව ආදි ජලාශ පරිහරණය කළහ.