covid ops

×

Warning

JUser: :_load: Unable to load user with ID: 560

ඝාතනයට ලක් වු පොලිස් විරුවන් දෙදෙනා දැයෙන් සමුගනී.2018 නොවැම්බර් 30 දින මඩකලපුව කොට්ඨාසයේ වවුනතිවු පොලිස් ස්ථානයට අනුයුක්ත මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටි පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු එම මාර්ග බාධකය අසල ඝාතනය කර තිබියදී සොයා ගැනිමට හැකිවිය.

යුද්ධ හමුදා සංඥා බලකායේ 75 වන සංවත්සරය සඳහා පොලිස්පතිතුමන් එක්විය.ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ 75 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරනු ලැබු සයිබර් ආරක්‍ෂණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ සන්නිවේදන හා තොරතුරු තාක්‍ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018 නොවැම්බර් මස 28 වන අද දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවත්විණි.

93 වන ජාතික බොක්ෂිං තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට රන් පදක්කමක් ඇතුළු පදක්කම් රැසක්.ශ්‍රී ලංකා බොක්ෂිං සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ 93 වන ජාතික ශූරතා බොක්ෂිං තරඟාවලිය 2018 නොවැම්බර් 20 දින සිට 23 දින දක්වා කොළඹ රාජකීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ශිෂ්‍යත්වය සමත් කන්තලේ පොලිස් නිලධාරීන්ගේ දරුවන්ට පොත් කට්ටල පිරිනැමේ2018 වර්ෂයේ 05 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් පොලිස් නිලධාරීන්ගේ දරුවන් හට පොත් කට්ටල ප්‍රදානය කිරීමේ උත්සවයක් කන්තලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි, අජිත් හේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 නොවැම්බර් 24 වන දින කන්තලේ මූලස්ථාන පොලිස් ස්ථාන ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.

ප්‍රවාහන කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ගේ සේවය ඇගයේ.විශිෂ්ට ලෙස රාජකාරි ඉටුකරන ලද පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ නිලධාරීන්ගේ සේවය අගයා ඔවුනට මුදල් ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 නොවැම්බර් 17 වන දින පෙරවරුවේ නාරාහේන්පිට ප්‍රවාහන කොට්ඨාසයේදී පවත්වන ලදී.

මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී සිටින තරුණයින් පුනරුප්ථාපනය කෙරේ.මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී සිටින තරුණයින් පුනරුප්ථාපනය කරීම සදහා මානසික අභිප්‍රේරණයක් ඇති කරලීමේ ප්‍රජා මූලික වැඩසටහන 2018 නොවැම්බර් මස 15 දින වේයන්ගොඩ පොලිස් වසමේ මොට්ටුන්න කිරීඨාරාම විහාරස්ථානයේදී පවත්වන ලදි.

භික්ෂූන් වහන්සේලා සිය නමක් වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන සාංගීක දානමය පු‍ණ්‍යෝත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 නොවැම්බර් 11 වන දින පෙරවරුවේ කො‍ළඹ 07, විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී සිදුකරන ලදී.

බස්නාහිර උතුර දිසාවේ පාසල් හැරගිය ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්.බස්නාහිර උතුර දිසාව තුල සිටින පාසැල් හැරගිය ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (2018 නොවැම්බර් මස 03 ) ගම්පහ නගරසභා ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

2018 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි වේයන්ගොඩ පොලිස් නිලධාරීන්ගේ දරුවන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම.2018 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි වේයන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි නියුතු පොලිස් නිලධාරීන්ගේ දරුවන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම 2018 නොවැම්බර් 06 දින ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා විසින් සිදු කරන ලදී.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444