ශ්‍රී ලංකා පොලිසියේ 152 වන පොලිස් දින සැමරුමට සමගාමීව පවත්වනු ලැබූ හින්දු ආගමික වැඩසටහන අද දින (සැප්තැම්බර් 03) පෙරවරුවේදී බම්බලපිටිය ශ්‍රී කදිරේෂන් කෝවිලේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
ශ්‍රී ලංකා පොලිසියේ 152 වන පොලිස් දින සැමරුමට සමගාමීව අද දින (සැප්තැම්බර් 03) පෙරවරුවේ දවටගහවත්ත ජුම්මා මස්ජිත් දේවස්ථානයේදී විශේෂ ඉස්ලාම් ආගමික වැඩසටහන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
2018 සැප්තැම්බර් 03 වන අද දිනට යෙදි ඇති 152 වන පොලිස් දිනය නිමිත්තෙන් සංවිධානය කල විශේෂ බෞද්ධාගමික වැඩසටහන සහ ආශිර්වාද බෝධි පූජා පිංකම අද පෙරවරුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී.
වර්ෂ 1866 ක්වූ සැප්තැම්බර් මස 03 වන දින, විධිමත්ව නෛතික රාමුවක් තුල ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පොලිසිය, 152 වන පොලිස් දිනය අද ඉතා අභිමානවත්ව සමරනු ලබයි. අධිරාජ්‍යවාදී යුගයෙන් සංග්‍රාමික යුගයකට පැමිණි ශ්‍රී ලංකා පොලිසිය වර්ථමානයේදී ප්‍රජා පොලිස් යුගයකට අවතීර්ණ වී සිටියි. 34 වන පොලිස්පති වශයෙන් පූජිත් ජයසුන්දර මහතා වර්ථමානයේදී ශ්‍රී ලංකා පොලිසිය මෙහෙයවනු ලබයි.
ශ්‍රි ලංකාවේ පැරණිතම රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා පොලිසිය, එළඹෙන සැප්තැම්බර් 03 වන දිනට යෙදී ඇති 152 වන පොලිස් දිනය අති උත්කර්ෂවත්ව සැමරිමට කටයුතු සංවිධානය කර ඇත. එයට සමගාමිව ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය පිළිබඳ ලියැවුණු ග්රන්ථ 03 ක් එළිදැක්විම 2018 අගොස්තු 30 වන දින පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදි සිදුකරන ලදි.
Colombo Defence Seminar – 2018, which is held for the 8th time with the participation of many global experts at the invitation of Sri Lanka Army, commenced yesterday (30th August, 2018) at Bandaranaike Memorial International Conference Hall, under the leadership of Hon. Prime Minister, Mr. Ranil Wickremesinghe.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කල “එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා” ජාතික ප්‍රදර්ශනය ඊයේ (2018 අගෝස්තු 29) දින ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගලදී විවෘත කරන ලදී.