covid ops

×

Warning

JUser: :_load: Unable to load user with ID: 560

පොලිස්පතිතුමන් සාර්ක් රටවලින් පැමිණි ශිෂ්‍ය භට බාලක/බාලිකාවන් සමඟ සාකච්ඡාවක්..ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් වාර්ෂිකව පවත්වනු ලබන හර්මන්ලොස් කුසලාන ශිෂ්‍ය භට කඳවුර සාර්ක් රටවල විදේශීය ශිෂ්‍ය භට බාලක/බාලිකාවන්ගේ සහභාගිත්වයෙන් 2018.10.15 දින සිට 2018.10.24 දින දක්වා පැවැත්විණි.

කොටුව සම්බුද්ධාලෝක විහාරයේ 2018 වාර්ෂික කඨින පිංකම - බැතිබර දායකත්වය ශ්‍රී ලංකා පොලිසිය.පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ 2018 වර්ෂයේ කඨින පිංකම භාර ගැනීමෙන් අනතුරුව ඇසල මස සිට නොකඩවා මාස 03 ක් විහාරස්ථානයේ වැඩ වාසය කල වැඩ බලන විහාරාධිපති පූජ්‍ය මේධානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සඳහා සිව්පසින් සංග්‍රහ කිරීමෙන් අනතුරුව 2018 නොවැම්බර් මස 02 වන දින රාත්‍රී ගිලන්පස පෙරහැරක් පවත්වා එදින රාත්‍රිය මුළුල්ලේ...

ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් පවත්වනු ලැබූ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව පාසැල් දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2018 ඔක්තෝබර් 30 දින උඩුගම්පොල සෙනරත් පරණවිතාන ජාතික පාසලේදී පවත්වන ලදී.

පූගොඩ සහ වේයන්ගොඩ පොලිස් වසම් තුල මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවූවන් දැනුවත් කෙරේ.පූගොඩ සහ වේයන්ගොඩ පොලිස් වසම් තුල පදිංචිව සිටින මත්පැන් හා විෂ මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී සිටින පුද්ගලයන් ඉන් මුදවා ගැනීමේ අරමුණින් සංවිධානය කල දැනුවත් කිරීමේ වැඩසටහන් 2018 ඔක්තෝබර් 28 දින එම පොලිස් ස්ථානයන් හිදී පවත්වන ලදී.

ඛෙත්තාරාම පුරා‍ණ රජමහ විහාරයේ පැවැත්වෙන ධාතු ප්‍රදර්ශනය සඳහා පොලිස්පතිතුමන් සහභාගි විය.

මාතර ඛෙත්තාරාම පුරාණ රජමහ විහාරයේ දී 2018 ඔක්තෝබර් මස 24 වැනි අද දින පැවති ධාතු ප්‍රදර්ශනය සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගි වන ලදි.

නිකවැරටිය පොලිස් විද්‍යාලයේ පුහුණුව ලැබූ ආධුනික පොලිස් නිලධාරීන් 164 දෙනෙකු විසිර යයි.රටේ නීතිය හා සාමය පවත්වා ගෙන යාමට උරදී කටයුතු කරන ශ්‍රී ලංකා පොලිසියේ නිලධරයන්ට ශක්තියක් එක් කරමින් පුහුණුව ලැබු ආධුනික පොලිස් නිලධාරීන් පිරිසක් විසිර යාම 2018 ඔක්තෝබර් 20 දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී සිදුවිය.

“හරිමඟ” දැනුවත් කිරීමේ වැඩසටහන කැලණියෙන් ඇරඹේ.නීති විරෝධී මත්පැන් සහ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ ජීවන වෘත්තීන්හි නියැලි පුද්ගලයින් 1000 ක් නිවැරදි ජීවනෝපාය සඳහා යොමු කරවීමේ “හරිමඟ” වැඩ සටහනේ සමාරම්භක උත්සවය 2018 ඔක්තෝබර් 19 වන දින කැලණිය ක්ලෝවර් බ්ලැන්ක්වෙට් උත්සව ශාලාවේදී පැවැත්විණි.

විවෘත වෙඩි තැබීමේ තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට ලෝකඩ පදක්කමක්ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ සංගමය මඟින් පස්වන වරට සංවිධානය කරනු ලැබූ විවෘත වෙඩි තැබීමේ තරඟාවලිය වැලිසර නාවික හමුදා වෙඩිතලාවේදී 2018.10.05 වන දින සිට 2018.10.15 දින දක්වා පැවැත්විණි.

ප්‍රවීනයන්ගේ ලෝක මළල ක්‍රීඩා ශූරතාවය 2018 - කාන්තා යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා පොලීසියට ලෝකඩ පදක්කමක් ප්‍රවීනයන්ගේ ලෝක මළල ක්‍රීඩා සංගමය මගින් වසර දෙකකට වරක් පවත්වනු ලබන ප්‍රවීනයන්ගේ ලෝක මළල ක්‍රීඩා ශූරතාවය 2018, මෙවර ස්පාඤ්ඤයේ මගාලා නුවරදී අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්විය.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444