covi 1ops roommedia

curfew pass 1

052020.02.04 වන දිනට යෙදී තිබූ 72 වන නිදහස් සැමරුමට සමගාමිව පොලිස් පරිසර ආරක්‍ෂණ කොට්ඨාසයේ සංවිධානයෙන් ආරම්භ කිරිමට යෙදුණු වෙරළාරක්ෂක වන වගා ව්‍යාපෘතියක් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය හා අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්‍ෂිතාව හා පාරිභෝගික සුභසාධක අමාත්‍ය සහ රාජ්‍ය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් හා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සහභාගිත්වයෙන් 2020 පෙබරවාරි 04 වන දින පෙරවරුවේදී වැල්ලවත්ත කින්රෝස් මුහුදු වෙරළ තීරයේදී සිදුකරන ලදි.

හොරාව්පතාන පොලිස් ස්ථානයෙන් පාසැල් දරු දැරියන් හට විශේෂ වැඩමුළුවක්.හොරොව්පතාන පොලිස් ස්ථානය මඟින් සංවිධානය කළ ළමා අපචාර වළක්වා ගැනීම, අන්තරාදායක මත්ද්‍රව්‍ය භාවිතය තුළින් පාසැල් දරුවන් ආරක්‍ෂා කරගැනීම හා නායකත්වය තුළින් ජිවිතය ගොඩනගා ගැනීම යන මැයෙන් පාසැල් දරු දැරියන් දැනුවත් කිරීමේවැඩමුළුවක් අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 ජනවාරි 31 වන දින හොරොව්පතාන ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා බොක්සිං සංගමය මගින් 94 වන වරටත් සංවිධානය කල 2019/2020 ජාතික ශූරතා බොක්සිං තරඟාවලියෙන්  ශ්‍රී ලංකා පොලිසියට ජයග්‍රහන රැසක්

ශ්‍රී ලංකා බොක්සිං සංගමය මගින් 94 වන වරට සංවිධානය කල 2019/2020 ජාතික ශූරතා බොක්සිං තරඟාවලිය 2020 ජනවාරි 21 වන දින සිට 24 වන දින දක්වා කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්විනි.

හෙරොයින් කිලෝ 192ක්, පිස්තෝල ගිනිඅවි 10ක්  හා මැගසීන් 19ක් සමග සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකු  අත්අඩංගුවටබස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් 2020.01.30 වන අද දින බණ්ඩාරගම පොලිස් වසමේ වීදගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හොරොයින් කිලෝ 192 ක්, පිස්තෝල ගිනි අවි 10 ක් හා මැගසීන් 19 ක් අත්අඩංගුවට ගැනීමට සමත් විය. වැටලීමේදී එක් සැකකරුවකු සහ සැකකාරියන් දෙදෙනෙකුද පොලිස් භාරයට ගන්නා ලදී.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා 2020.01.23 වන දින නාරාහේන්පිට පොලිස් රෝහලේ නිරික්‍ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදී රෝහල් කාර්යමණ්ඩලය සමඟ සේවක පුරප්පාඩු, වෛද්‍ය කාර්යමණ්ඩල පුරප්පාඩු, රෝහල් උපකරණ හිඟකම ඇතුළු කරුණු රාශියක්ද, පොලිස් රෝහලේ ප්‍රතිව්‍යුහකරණය කිරිමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධවද සාකච්ඡාවක් රෝහල් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

01ජාතින් අතර සුහදත්වය සහ විශ්වාසය තහවුරු කරලීමේ අරමුණින් උතුරු පළාතේ යාපනය පොලිස් කොට්ඨාසයේ පාසල් දරු දැරියන් 125 දෙනෙකු සඳහා අභ්‍යාස පොත් බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය මූලස්ථාන පොලිස් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.