covid opsstf 37

Kaluthara wCකළුතර උතුර පොලිස් ස්ථානය අසළ ස්ථාපිත කර තිබූ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය රියාර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා හා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු 30 වන දින පස්වරු 03.00 ට යෙදුණු සුබ මොහොතින් විවෘත කිරීම සිදුකරන ලදී.

157 වන පොලිස් විරු සමරු දිනය අභිමානවත්ව සැමරේ.157 වන පොලිස් විරු සමරු දිනය නිමිත්තෙන් සංවිධානය කළ ප්‍රධාන සැමරුම් උත්සවය 2021.03.21 වන අද දින පෙරවරුවේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ඉදිකර ඇති පොලිස් විරු ස්මාරකය අබියසදී පවත්වන ලදී.

02රථවාහන මූලස්ථානය මගින් පවත්වන ලද 20 වන ජ්‍යෙෂ්ඨ රථවාහන කළමනාකරණ පාඨමාලාවේ පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 66 දෙනෙකු සදහා සහතිකපත් හා ලාංඡන ප්‍රදානය කර විසිරයාමේ උත්සවය 2021.03.09 වන දින බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 04 වන මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

01මාර්තු 8 දිනට යෙදෙන ලෝක කාන්තා දිනයට සමගාමීව පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය මගින් වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇති අතර ඒ අනුව පවත්වන ලද වැඩසටහනක් 2021.03.08 වන දින ළමා හා කාන්තා කාර්යංශයේ අධ්‍යක‍්ෂ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ බැස්ටියන් මාවත පුද්ගලික බස්නැවතුම්පලේදී පවත්වන ලදී.

7සෞභාග්‍යමත් රටක ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වෙන පවුලක්, විනය ගරුක සමාජයක් යන්න පෙරදැරි කරගනිමින් බියෙන් සැකෙන් තොර සමාජයක් උදෙසා ආරම්භ කරනු ලබන මහජන ආරක්ෂක කමිටු නියමු ව්‍යාපෘතියේ දකුණු පළාත් සම්මන්ත්‍රණය, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්‍ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.03.07 වන දින පෙරවරු 09.00 ට රුහුණු විශ්ව විද්‍යාලීය රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444