covi 1ops roommedia

curfew pass 1

ක්‍රෙඩිට් කාඩ් පත් වංචාවක් සම්බන්ධයෙන් විදේශිකයින් සිවු දෙනෙකු අත්අඩංගුවට2020.06.23 වන දින උදෑසන 08.00 ට පමණ ගල්කිස්ස පොලිස් වසමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ගල්කිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන ගෙන සිටි නයිජීරියානු ජාතිකයින් තිදෙනෙකු සහ උගන්ඩා ජාතික කාන්තාවක් මහා පරිමාණ ක්‍රෙඩිට් කාඩ් පත් මඟින් මුදල් වංචාවන් සිදුකිරීම සම්න්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

කොරෝනා වෛරසය වසංගත තත්ත්වයක් දක්වා ව්‍යාප්ත වීමත් සමඟ රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් හට අවශ්‍ය රුධිරය හිඟයකින් තොරව පවත්වා ගැනීම අරමුණු කර ගනිමින් අම්පාර කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකය සහ පදියතලාව පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් මහඔය රෝහලේ ලේ බැංකුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පදියතලාව අභිනවාරාම විහාරස්ථානය පරිශ්‍රයේදී පැවත්විණි.