2020 ඔක්තෝබර් 01 වන දිනට යෙදී තිබූ ලෝක ළමා දිනයට සමගාමීව පොලිස් පවුල් සුභසාධක සංගමය මඟින් පාලනය වන පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය, මරදාන හා කොළඹ 02, කිව් පාරේ පිහිටි පෙර පාසල්වල ඉගෙනුම ලබන පොලිස් නිලධරයන්ගේ දූවා දරුවන් 107 දෙනෙකු හා ප්‍රජා පොලිස් කොට්ඨාසය මඟින් පාලනය වන බොරැල්ල ලක්විඳු පෙර පාසලේ දූවා දරුවන් 43 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ලෝක ළමා දින සැමරුම් උත්සවයක් එදින පැය 0930 ට කොළඹ 05 පිහිටි පොලිස් පවුල් සුභසාධක සංගමයේ ප්‍රධාන ශාලාවේදී අති උත්කර්ශවත්ව පවත්වන ලදි.
පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ නිලධාරීන් හා මීරිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව ඔක්තෝබර් 01 දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කර තිබු සමාජ සත්කාර වැඩසටහනක් මීරීගම සත්සෙවණ රජයේ පිරිමි ළමා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී 2020 ඔක්තෝබර් 01 දින දවස පුරා පවත්වන ලදී.
වර්තමාන සමාජය තුළ සිදුවන අපරාධ, නීති විරෝධී ක්‍රියා, මත්ද්‍රව්‍ය උවදුර හා ළමා අපචාර ක්‍රියා වළක්වා ගැනීම පිළිබඳ ළමා පරපුර දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය විසින් ආරම්භ කර ඇත.
අපරාධ, සංවිධානාත්මක අපරාධ නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් පරිදි පොලිස් කොට්ඨාස 44 ක් සහ ක්‍රියාකාරී කොට්ඨාස වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය, රාජ්‍ය බුද්ධි සේවය සහ කළුතර පොලිස් විද්‍යාලය යන කොට්ඨාස වලට අනුයුක්ත නිලධාරීන් 150 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට මුදල් විශුද්ධිකරණය, ඊෂි කෑෂ්, ජී.පී.එස්. තාක්ෂණය සහ දුරකතන විශ්ලේෂණ වාර්තා පිළිබඳ එක්දින පුහුණු වැඩමුළුවක් පසුගියදා (2020 සැප්තැම්බර් 21) අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.