covi 1ops roommedia

curfew pass 1

2019.10.11 වන දින සේරුනුවර පොලිස් වසමේදී කිලිවෙඩ්ඩි පාලම අසලදී සේරුනුවර යුධ හමුදා කඳවුරේ නිලධාරියකුට ලද තොරතුරක් මත යුධ හමුදා නිලධාරීන් විසින් සැකකරුවෙකු ටී 56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන සේරුනුවර පොලිස් ස්ථානයට භාරදී ඇත. මෙම සැකකරු වයස අවුරුදු 36ක් වන 442, අම්බාල්කුලම්, කිලිනොච්චිය ලිපිනයේ පදිංචිකරුවෙකු වන ජෝෂප් පීටර් රොබින්සන් යන අයවේ.

ලෝක ළමා දිනයදා මිළ කළ බිළින්දා 2019 සැප්තැම්බර් 30 වන දින අංක 09/01/08, ලේක් රෝඩ්, මහනුවර ලිපිනයේ පදිංචි කාන්තාවක් විසින් දින 05 ක් වයසැති බිළින්දෙකු නීත්‍යාණුකූල නොවන අයුරින් මුදලට ලබාගෙන හදා වඩා ගන්නා බවට පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂක අයේෂා බණ්ඩාර මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කරන ලදී.

ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානයෙන් ළමා දින සැමරුම් උත්සවයක්ලෝක ළමා දිනයට සමගාමීව ගල්කිස්ස කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය මගින් සංවිධානය කරන ලද ළමා දින සැමරුම් උත්සවයක් 2019 ඔක්තොම්බර් 05 වන දින ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරිශ්‍ර‍යේදී පවත්වන ලදී. මෙහිදී කොට්ඨාසයෙ සියළුම පොලිස් වසම් ආවරණය වන පරිදි තෝරාගන්නා ලද ළමුන් සඳහා පාසල් උපකරණ ප්‍රධානය කිරීමක්ද සිදු විය.

හෙරොයින් කිලෝ ග්‍රෑම් 50ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට2019.10.07 වන දින සුදු පැහැති ජීප් රථයකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට අතුරුගිරිය දක්වා පැමිණ අතුරුගිරිය පිටවීමේ ස්ථානයෙන් පිටවන අවස්ථාවේ එම වාහනය පිලිබඳව සැක සිතුන අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් එම වාහනය පරීක්ෂා කිරීමේදී වාහනයේ පොහොර උර 02ක බහා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 50ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

2019 ජනාධිපතිවරණය නාම යෝජනා බාර දීමේ දින  විශේෂ ආරක්ෂක සැලැස්ම.ජනාධිපතිවරණයට අදාලව මේ වන විට සෑම පොලිස් කොට්ඨාසයකම කොට්ඨාස මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇත. එමෙන්ම පොලිස් ස්ථාන 493 හිම පොලිස් ස්ථාන මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇත.

පොලිස් ස්ථාන මෙහෙයුම් මැදිරි මගින් ජනාධිපතිවරණයට අදාලව ලැබෙන පැමිණිලි භාර ගැනීම, එම පැමිණිලි විභාග කිරීම මෙන්ම 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබද පනතේ විධි විධානයන් උල්ලංඝණය කිරීම් පිළිබදව විමර්ශන පැවැත්වීම සිදු කරනු ලබයි. කොට්ඨාස මෙහෙයුම් මැදිරි මගින් අදාල දත්ත ලබාගෙන පොලිස් මූලස්ථානයේ මැතිවරණ ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරනය සිදු කරනු ලබයි.

මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසට බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා පත්කර ඇත. එමෙන්ම පොලිස් මූලස්ථානයේ මැතිවරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙසට පොලිස් අධිකාරි අශෝක ධර්මසේනත්, එහි ස්ථානාධිපති ලෙසට ප්‍රධාන පොලිස් පරික්ෂක සරත් ද සිල්වාත් කටයුතු කරනු ලබයි.

තවද නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුක්ත පොලිස් අධිකාරිවරයෙකුගෙන්ද සමන්විත පොලිස් කණ්ඩායමක් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වෙත අනියුක්ත කර ඇත. ඒ අනුව එහි නියෝජ්‍ය පොලිස්පති සරත් පීරිස් මහතාත්, පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරන මහතාත් කටයුතු කරනු ලබයි.