covi 1ops roommedia

curfew pass 1

2019 පොලිස් අන්තර් කොට්ඨාස පිහිණුම්, ජීවිතාරක්ෂක සහ දියපන්දු තරඟාවලිය සාර්ථකව නිමා වේ.පොලිස් අන්තර් කොට්ඨාස පිහිණුම්, ජීවිතාරක්ෂක සහ දියපන්දු තරඟාවලිය, 2019 සැප්තැම්බර් 25 වන දින සිට සැප්තැම්බර් 27 වන දින දක්වා නාරහේන්පිට පොලිස් පිහිණුම් තටාංගණයේදී පැවත්විණි.

ඇඹිලිපිටිය නව පොලිස් කොට්ඨාසය විවෘත කිරීම 2019 සැප්තැම්බර් 26 වන දින පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් සිදුකරන ලදී.

රාජ්‍ය සේවා හොකී කණ්ඩායම නියෝජනය කළ පොලිස් ක්‍රීඩකයින්ගෙන් තරග ජයග්‍රහණයක්.මැලේසියාවේ පෙරාක් හොකී සංගමය මිඟින් සංවිධානය කරනු ලැබූ සය සාමාජික අන්තර්ජාතික හොකී තරඟාවලිය 2019 සැප්තැම්බර් 14 සහ 15 යන දෙදින මැලේසියාවේ හුළු පෙරාක් හිදී පැවැත්විනි.

යුද්ධ හමුදාධිපතිතුමන් පොලිස් මූලස්ථානයේ සංචාරයක.	ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දින (2019 සැප්තැම්බර් 25) උදෑසන පොලිස් මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා හමුවිය. සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමා සහ පොලිස්පතිතුමන් අතර පැවති ප්‍රථම නිල හමුව මෙය වේ.

මුහුණු පොත හරහා සිදුකළ තවත් අපරාධයක් අනාවරණය වේ.කාන්තාවක් විසින් මුහුණු පොත හරහා ව්‍යාපාරිකයකු සමඟ සම්බන්ධතාවයක් පවත්වා නිරුවත් වීඩියෝ සංවාද වල යෙදෙමින් හා නිරුවත් ඡායාරූප ලබාගෙන, එලෙස එකී ව්‍යාපාරිකයාගේද නිරුවත් ඡායාරූප එම කාන්තාව විසින් ගෙන්වා ගෙන, එම ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් ව්‍යාපාරිකයා බිය වද්දා බලෙන් මුදල් ලබාගැනීමක් සම්බන්ධයෙන් බස්නාහිර පලාත දකුණ, අපරාධ කොට්ඨාසයට සිදුකරන ලද ....

ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය, නිකවැරටිය ඒකකයේ මූලික පුහුණුව ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 335 දෙනෙකු විසිර යයි.ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය, නිකවැරටිය ඒකකයේ මූලික පුහුණුව ලැබූ ආධුනික පොලිස් කොස්තාපල් වරුන්ගේ විසිරයාමේ පෙළපාලිය 2019 සැප්තැම්බර් 23 වන දින වයඹ හා උතුරුමැද පලාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය පෙළපාලි භූමියේදී පවත්වන ලදී.

news

1

1

sports news

special events1


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931