covi 1ops roommedia

curfew pass 1

පොලිස් නිළ සුනඛ කොට්ඨාසයට මහජන පරිත්‍යාගයක් වශයෙන් ලද සුනඛයින් 41 ක් පුපුරණ ද්‍රව්‍ය පරීක්‍ෂණ, අපරාධ පරීක්‍ෂණ හා මත්ද්‍රව්‍ය පරීක්‍ෂණ රාජකාරි සඳහා පුහුණු කිරීමෙන් අනතුරුව විසිර යාමේ උත්සවය මධ්‍යම, ඌව හා නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 නොවැම්බර් 25 වන දින මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

රිය අනතුරු අවම කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩමුළු රැසක්.සුරක්ෂිත රටක් බිහි කිරීමේ කාර්යයේදී රිය අනතුරු අවම කිරීමද ඉතා වැදගත් අංගයකි. මේ අනුව 2019.11.24 වන දිනෙන් ආරම්භව දිවයින පුරාම දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීම සඳහා කටයුතු ආරම්භ කර ඇත.

ප්‍රජා පොලිස් කොට්ඨාසයේ නිළධාරීන්, රථවාහන අංශ නිළධාරීන්ද සමඟ එක්ව පළමු අදියර යටතේ ත්‍රීරෝද රථ රියදුරන්, යතුරුපැදිකරුවන්, පාපැදිකරුවන් සහ පදිකයින් මෙලෙස දැනුවත් කිරීමට නියමිතය. 

පරිසරය සුරැකීමේ මෙහෙයුම් ආරම්භ වේ.පරිසර ආරක්ෂාව හා පරිසර අලංකරණය නැවත විධිමත් තත්ත්වයට පත්කිරීම සඳහා මේ වනවිට අතිගරු ජනාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකා පොලීසිය වෙත නිශ්චිත වූ උපදෙස් ලබා දී ඇත. එම උපදෙස් මත සහ ආරක්ෂක ලේකම්තුමාගේ අධීක්ෂණය මත පරිසරය සුරැකීමේ දැවැන්ත ක්‍රියාවලිය ආරම්භ කර ඇත.

ටයිනි ටොට්ස් පෙරපාසැල් දරුවන්ට නව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්.පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පිහිටි A4 නිල නිවසෙහි ස්ථාපිත කරන ලද ටයිනි ටොට්ස් දිවා සුරැකුම් මධ්‍යස්ථානය පොලිස් පවුල් සුභසාධක සංගමයේ සහ පොලිස් සේවා වනිතා ඒකකයේ වැඩබලන සභාපතිතුමිය වන ප්‍රශාන්ති ප්‍රනාන්දු මහත්මිය විසින් පසුගියදා (2019 නොවැම්බර් 07) විවෘත කරන ලදී.

2019 ජනාධිපතිවරණය හේතුවෙන් පොලිස් නිශ්කාශන අංශයේ නිලධරයන් විශේෂ රාජකාරී යොදවා ඇති බැවින් කොළඹ 01, ඕල්කට් මාවත, පිහිටි අයඳුම්පත් භාර ගන්නා ස්ථානය 2019.11.14, 15 සහ 18 යන දිනයන්හිදී තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.

එබැවින් නිශ්කාශන වාර්ථා සැකසීම සහ එම අයදුම්පත් භාර ගැනීම පොලිස් මූලස්ථානයේ පිහිටි ප්‍රධාන නිශ්කාශන අංශය මඟින් අඛණ්ඩව සිදු කරනු ලැබේ.

තවද, www.police.lk වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගස්ථ ක්‍රමය යටතේද අයදුම් කිරීමේ හැකියාව ඇත.

 2019 ජාතික දුනු විදීමේ ශූරතාවලි‍යෙන්  ශ්‍රී ලංකා පොලිසියට ජයග්‍රහන රැසක්ජාතික දුනු විදීමේ සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ ජාතික දුනු විදීමේ ශූරතාවලිය පසුගියදා ටොරින්ටන් පිහිටි ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

මෙම තරඟාවලිය සඳහා දුනුවිදීම් ක්‍රීඩා සමාජ 13කින් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 60 දෙනෙකු සහභාගි වු අතර ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 08 දෙනෙකු සහභාගී වූහ. තරඟාවලියේ මීටර් 50 කම්ෆවුන්ඩ් තරඟ ඉසව්වට සහභාගිවූ කාන්තා පොලිස් සැරයන් 3300 අනුරාධා කරුණාරත්න ක්‍රීඩිකාව නව ශ්‍රී ලංකා වාර්ථාවක් පිහිටුවා එම ඉසව්ව ජයග්‍රහනය කරමින් ශ්‍රී ලංකා පොලිසියට කීර්තියක් අත්කර දෙන ලදී.