covi 1ops roommedia

curfew pass 1

ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය, නිකවැරටිය ඒකකයේ මූලික පුහුණුව ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 335 දෙනෙකු විසිර යයි.ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය, නිකවැරටිය ඒකකයේ මූලික පුහුණුව ලැබූ ආධුනික පොලිස් කොස්තාපල් වරුන්ගේ විසිරයාමේ පෙළපාලිය 2019 සැප්තැම්බර් 23 වන දින වයඹ හා උතුරුමැද පලාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය පෙළපාලි භූමියේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා ජාතික කඹ ඇඳීමේ කණ්ඩායමට පොලිස් ක්‍රීඩකයින් දෙදෙනෙකුආසියානු කඹ ඇදීමේ සංගමය මඟින් 14 වන වරට සංවිධානය කරනු ලැබූ ආසියානු ගෘහස්ථ කඹ ඇදීමේ තරඟාවලිය 2019 සැප්තැම්බර් 03 වන දින සිට 2019 සැප්තැම්බර් 16 දින දක්වා තායිලන්තයේ අයුත්තයා නගරයේදී පැවැත්විණි.

1ළමා හා කාන්තා අපයෝජනය වැලැක්වීම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසයේ පාසල් ළමුන් හා දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 සැප්තැම්බර් 22 වන දින දොරණාගොඩ විහාරස්ථානයේදී පවත්වන ලදී.

ඇමති ආරක්ෂක කොට්ඨාසය ස්ථාපිත කර වසර 40 ක් පිරීම නිමිත්තෙන් මියගිය හා තුවාල ලැබූ පොලිස් විරුවන්, වැඩබලන පොලිස්පතිතුමා ඇතුළු සේවයේ නියුතු සියළුම පොලිස් නිලධරයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහ ලක්වාසී සැමට සෙත්පතා 2019 සැප්තැම්බර් 12 වන දින කොට්ඨාස පරිශ්‍රයේදී සර්ව රාත්‍රීක පිරිත් සඡ්ජායනයක් සිදුකර පසුදින උදෑසන ස්වාමින් වහන්සේලා පහළොස් නමක් වෙනුවෙන් උදෑසන දානය පිළිගැන්වීමක්ද සිදුකරන ලදී.

153 වන පොලිස් දින සැමරුම් උත්සවය - උතුරුමැද පළාත153 වන පොලිස් දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද උතුරුමැද පළාත් පොලිස් දින සැමරුම් උත්සවය උතුරුමැද / වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 සැප්තැම්බර් 03 වන දින අනුරාධපුර පොලිස් ක්‍රීඩා පිටියේදී පැවැත්විය. මෙහිදී සම්මාන පෙළපාලිය පැවැත්වීමද සිදු කරන ලදී.

සබරගමුව පළාතේ පොලිස් නිලධාරීන්ද 153 වන පොලිස් දින මියගිය රණවිරුවන් සිහිපත් කෙරිණි.	153 වන පොලිස් දින සබරගමු පළාත් සැමරුම් උත්සවය රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 සැප්තැම්බර් 03 දින රත්නපුර සිවලී ක්‍රිඩාපිටියේදී පවත්වන ලදි.