covi 1ops roommedia

2020.03.16 වන දින සිට ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ රාජ්‍ය බුද්ධි සේවයට පොලිස් කොස්තාපල් හා කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු සඳහා බදවාගැනීමේ අවසන් සම්මුඛ පරීක්ෂණ නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

රථවාහන කළමනාකරණ පාඨමාලාව හදාරන ලද නිලධාරීන් 190 දෙනෙකු විසිර යති.රථවාහන මූලස්ථානය මඟින් පවත්වන ලද 37 වන කණිෂ්ඨ රථවාහන කළමනාකරණ පාඨමාලාවේ කණිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරීන් 190 දෙනෙකු සඳහා සහතිකපත් හා ලාංඡන ප්‍රධානය කර විසිරයාමේ උත්සවය 2020.03.12 වන දින බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ වාර්තා කොට්ඨාසයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කොරෝනා වෛරසය ආසාධනය වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ වන අසත්‍ය පුවත් සම්බන්ධව.කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමුවී ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු මේ වන විට සංසරණය වෙමින් පවතී. ශ්‍රි ලංකාව තුල කොරෝනා වෛරසය ආසාධනය වූ එක් පුද්ගලයකු දැනට හඳුනාගෙන ඇති අතර ඔහු කොළඹ ජාතික උණ රෝහලේ (IDH) ප්‍රතිකාර ලබයි.

පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් කාන්තාවන්ට සිදුවන හිංසනයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් සංවිධානය කරන ලද උත්සවයක් 2020.03.08 වන අද දින පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී පැවත්විණි.

83 වන පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්.ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පැරණිතම මලල ක්‍රීඩා තරඟාවලියක් ලෙස ඉතිහාසයට එක්වන ශ්‍රී ලංකා පොලිස් මළල ක්‍රීඩා උළෙල පෙබරවාරි මස 26,27 සහ 28 යන තෙදින තුල බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගණයේදී අති උත්කර්ශවත් අන්දමින් පවත්වනු ලැබු අතර මෙම සුවිශේෂි මලල ක්‍රීඩා උලලේ සාමාප්ති උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය හා අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්‍ෂිතාව හා පාරිභෝගික සුභසාධක අමාත්‍ය සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මහතා, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සහභාගිත්වයෙන් 2020 පෙබරවාරි 28 වන දින බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

3කණිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමයේ යෝජනාවෙන් වාර්ෂිකව පවත්වනු ලබන 05 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් හට ශිෂ්‍යත්ව විෂය කරුණු ඇතුළත් පොත් කට්ටල බෙදාදීමේ උත්සවයක් අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020 පෙබරවාරි 23 වන දින අනුරාධපුර මූලස්ථාන පොලිස් ස්ථාන ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

03 2රටේ නීතිය හා සාමය පවත්වා ගෙන යාමට උරදී කටයුතු කරන ශ්‍රී ලංකා පොලිසියේ නිලධරයන්ට ශක්තියක් එක් කරමින් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලැබූ ආධුනික පොලිස් නිලධරයන් 528 දෙනෙකු මූලික පුහුණුව අවසන් කර විසිර යාමේ උත්සවය 2020 පෙබරවාරි 20 දින කළුතර පොලිස් විද්‍යාලයීය අළුවිහාර ක්‍රීඩාපිටියේදී පැවැත්විණි.