covi 1ops roommedia

curfew pass 1

විශිෂ්ඨ දක්ෂතා දැක්වු සීතාවකපුර පොලිස් නිලධාරින් හට ත්‍යාග මුදල් පිරිනැමේසීතාවකපුර කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ විශිෂ්ඨ සේවය ඇගැයීමේ උත්සවයක් කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 අගෝස්තු 27 වන දින දෙහිඕවිට ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවත්විණි.

01153 වන පොලිස් දින ඌව පලාත් සැමරුම් උත්සවය බදුල්ල / මොනරාගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 සැප්තැම්බර් 03 වන දින බදුල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේදී පවත්වන ලදී. මෙහිදී සම්මාන පෙළපාලිය පැවැත්වීමද සිඳු විය.

2Memorandum of understating to exchange of information was signed between The Sri-Lanka Police & The Department for Registration of Persons at the Police headquarters Colombo 01.

පොලිස් පවුල් සුභ සාධක සංගමෙයෙන් සහ පොලිස් සේවා වනිතා ඒකකයෙන් චෙක්පත් ප්‍රදානය කිරීමක්.153 වන පොලිස් දිනය නිමිත්තෙන් පොලිස් පවුල් සුභ සාධක සංගමයේ සහ පොලිස් සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරි නියුතු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු වෙනුවෙන් හා මියගිය පොලිස් නිලධාරීන් පිරිසකගේ යැපෙන්නන් සඳහා මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් 2019.09.04 වන දින පොලිස් සහයක සේවා හා තොරතුරු තාක්ෂණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එෆ්.යු ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පවුල් සුභ සාධක සංගම් ශාලාවේදී පැවත්විණි.

ගල්කිස්ස පොලිසියෙන් දානමය පිංකමක්153 වන පොලිස් දින සැමරුම වෙනුවෙන් අත්තිඩිය, දෙහිවල යශෝරාපුර පිහිටි ශ්‍රී යශෝධරාදේවි ආරාමයේ බාලිකා නිවාසයේදී දානමය පිංකමක් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 සැප්තැම්බර් 03 වන දින පවත්වන ලදී.

4153 වන පොලිස් දිනයට සමගාමිව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් පරිදි ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්‍ෂක අයි.එම්.ඒ. උදය කුමාර මහතාගේ සංවිධානයෙන් අභය දානයකට සම වූ උතුම් පුජාවක් වන ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය (01) දා ගල්කිස්ස පොලිස් ස්ථානයේදී පවත්වන ලදී.