covid ops

අම්පාර කොට්ඨාසයේ සහින්දමරුදු නව පොලිස් ස්ථානය ජනතා අයිතියට..අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ දිවයින පුරා නව පොලිස් ස්ථාන රාශියක් ස්ථාපිත කර ජනතා අයිතියට පත් කිරීම මේ වන විට සිදුකර ඇත. එහි තවත් පියවරක් ලෙස අම්පාර, සයින්දමරුදු නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීම 2021 ජූලි 23 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු විය. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.ඩබ්.කේ. සිල්වා මහතා සහභාගි විය.

5අම්පාර පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් මුරපොලක්ව පැවති එරගම පොලිස් මුරපොල අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ නවීකරණය කිරීමෙන් පසුව එය පොලිස් ස්ථානයක් බවට පත් කර ජනතා අයිතියට පත් කිරීම 2021 ජූලි 22 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු විය.

මාතර කොට්ඨාසයේ දෙවිනුවර නව පොලිස් මුරපොල ජනතා අයිතියට..අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ මාතර පොලිස් කොට්ඨාසයේ ගන්දර පොලිස් වසමේ දෙවිනුවර පූජා භූමියේ ස්ථාපිත පොලිස් මුරපොල ස්ථිර පොලිස් මුරපොලක් ලෙස ජනතා අයිතියට පත් කිරීම දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී. රාජිත ශ්‍රී දමින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලී මස 17 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු විය.

1ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවක් ඔලිම්පික් තරඟාවලියක් විනිශ්චය කිරීම සඳහා සහ තීරක කටයුතු සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරනු ලබන කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂකවරියක් වන ටී. නෙල්කා ශිරෝමාලා නිලධාරිනිය 2021 වසරේ ජපානයේ තෝකියෝ නගරයේ පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලියේ බොක්සිං තරඟ තීරක හා විනිසුරුවරියක් වශයෙන් කටයුතු කිරීම සඳහා තෝරාපත් කරගෙන ඇත.

05අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ දිවයින පුරා නව පොලිස් ස්ථාන රාශියක්  ස්ථාපිත කර ජනතා අයිතියට පත් කිරීම මේ වන විට සිදු කර ඇත. එහි තවත් එක් පියවරක් ලෙස අළුබෝමුල්ල නව පොලිස් ස්ථානය විවෘත කිරීම 2021 ජූනි 16 වන දින මහජන ආරක්ෂක අමාත්‍ය (විශ්‍රාමික) රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් සිදු කරන ලදී.

 

1පානදුර පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් මුරපොලක්ව පැවති හිරණ පොලිස් මුරපොල නවීකරණය කිරීමෙන් පසුව එය පොලිස් ස්ථානයක් බවට පත් කර ජනතා අයිතියට පත් කිරීම 2021 ජූලි 16 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු විය.

22019.12.23 වන දින සිට බස්නාහිර පලාතේ කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 77 ක පිහිටුවනු ලැබූ මහජන ආරක්ෂක කමිටු 200 ක ප්‍රජා පොලිස් ඒකක භාර නිලධාරීන් 2021.07.19 වන දින සිට නව මාර්ගෝපදේශ යටතේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.

3ශ්‍රී ලංකාව තුළ මිනිස් ජීවිත හා දේපල ආරක්ෂා කිරීම සඳහා අති නවීන තාක්ෂණයෙන් යුත් සන්නිවේදන ජාලයක් ශ්‍රී ලංකා පොලීසිය තුළ ස්ථාපිත කිරීම පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වන පොලිස් සංදේශ කොට්ඨාශය වෙත නව තාක්ෂණික පර්යේෂණාගාරයක් මහජන ආරක්ෂක අමාත්‍ය (විශ්‍රාමික) රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි මස 14 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූල විවෘත කරන ලදී.

මාතර කොට්ඨාසයේ බංගම නව පොලිස් ස්ථානය ජනතා අයිතියට..අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ මාතර පොලිස් කොට්ඨාසයේ බංගම නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීම දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී. රාජිත ශ්‍රී දමින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලී මස 14 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු විය. ශ්‍රී ලංකා පොලීසිය මඟින් මහජනතාව වෙත සැපයෙන සේවාවන් කාර්යක්ෂමව සහ ඵලදායි ලෙස ඉටුකිරීමටත් මහජනතාවට අපරාධ බියකින් තොරව තම දෛනික කටයුතු සිදුකර ගැනීමටත් මෙමඟින් හැකියාව ලැබේ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444